(නිපුන් ගරුක)
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබේ.
වත්මන් අභාග්‍යසම්පන්න පාලනයට රැවටෙමෙන් එයට සහය දුන් බැවින් මෙසෙ සමාව ගන්නා බව ඔහු සදහන් කරයි.
ඔහු මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තිස්ස ජනනායකත් සමාව ඉල්ලයි
akalanka dissanayake Tuesday, 05 April 2022 04:38 PM
තිස්ස ජනනායක යනු සිය ජනප්‍රියත්වය අවභාවිතා කරමින් අමූලික බොරු සහ අවිද්‍යාත්මක තොරතුරු ජනගත කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී ජාතිවාදය ඇවිළවීමට කටයුතු කළ අයෙකි.
ගමේ එකාලා Tuesday, 05 April 2022 05:15 PM
ඔබ විතරක් නෙවෙයි 69 ලක්ෂයක් ජනතාව දුශිත බලලෝබි නායකයාට රැවටුනා..දැන් තියෙන්නේ මුලුමහත් ජනතාවම පාරට බැහැලා එළවලාම දාන එක .
Bamunuarachchi Tuesday, 05 April 2022 06:43 PM
තමන්ගේ නිවට කම පෙන්නුවා නේද? ඊලනගට කව්රු වෙනුවෙන්ද? ජෙප්පෝ වෙනුවෙන්ද සජබයෝ වෙනුවෙන්ද කතා කොරන්නේ? හැබයි තව කෙනෙක් තෝරා ගත්තේ නැතිනම් ඉන් ප්‍රකාෂවෙන්නේ ඔබට ඝෝඨබය හැරෙන්න වෙන කෙනෙක් නැති බවයි.
Namal kumara Tuesday, 05 April 2022 07:25 PM
අලුත්ම trend එක තමයි දැන් මෙහෙම සමාව ගැනීම. කෙළවිල්ලෙ තරම දැන් තමයි හොදටම තේරෙන්නෙ කට්ටියට.
Sahas Tuesday, 05 April 2022 10:14 PM
ඒලියන්ත වයිට්ගේ සපත්තු ලෙවකෑව Dr. පඩදෙනියයි අවුරුදු බර ගාණක් තිස්සේ දළදා මාළිගාව උලාකන බිය වඩන නිලමේයි දැන්වත් යථාර්ථය අවබෝධ වෙනව නං ලොකු දෙයක්....
වර්ණකුලසූරිය Tuesday, 05 April 2022 10:20 PM
දක්ෂ ගුරුමහතෙක් වුනත් රටක ජනාධිපතිකමට ඉදිරිපත්වන පුද්ගලයාගේ බුද්ධිමට්ටම හඳුනා ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.
තිලක් Wednesday, 06 April 2022 08:32 AM
අතිතය දැන් අමතක කරන්න වර්ථමානයේ රටට ගැලපෙන හොරැන්ගෙන් තොර මව්බිම යහපත් දේශයක් කිරීමට දෙවතාවකදී දිවිදුන් හැත්තෑදහසකට වැඩි සොයුරන්ගේ පැතුම් ඉටුකිරීමට උදව් කරන්න.
anton Wednesday, 06 April 2022 12:04 PM
මම එදත් සතුටු වුන අදත් සතුටු වෙනවා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ නැති වුනාට, ඒ කාලේ මේ බව තේරුම් කරලා දුන්නට කවුරුත් පිළිගත්තේ නැහැ. අපිව අනිත් පක්ෂ කියල හංවඩුගව්වා. නියපොත්තෙන් කපන්න තිබ්බ දේ පොරවකින්වත් කපන්න බැරිවිදියට වර්ධනය වුනා. මේ සිද්ධ වෙන හම දෙකටම 69 තමයි වගකියන්න ඕනේ. එච්චරටම අන්ධ වුනු සෙට් එකක්. මේ තත්වයෙන් ගොඩ එන එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. තාම පටන් ගත්ත විතරයි. ගහන්න තියෙන ගේම් ඔක්කොම ගහල බලයේ රැඳී හිඳියි. 2015 අයින් කල සෙට් එකම අයිත් ගෙනාවනේ 69 දෙනා. රජ මානසිකත්වක් තියෙන කොටම තේරෙන්න ඕනේ මොකද වෙන්නේ කියලා. මේ වාගේ බහුතරයක් ඉන්න රැලක නායකයා මෙහෙම් නොවුනානම් තමයි පුදුමේ.