IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


තිස්සමහාරාමයේ පුරාණ වැව් දෙකකට පණ දෙයි

(අංජුල මහික වීරරත්න)

තිස්සමහාරාමයේ පුරාණ වැව් දෙකක් වන ගල්පියස්ස වැව හා පතහවැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණය කෙරෙයි.

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. වැව් දෙක ප්‍රතිසංස්කරණය සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 50කි. එමගින් ගොවි පවුල් 100කට පමණ සෙත සැලසෙන අතර මෙම වැව් දෙක යටතේ අක්කර 30ක පමණ පුරාණ කුඹුරු වී වගාවට ඉඩ සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දීර්ඝකාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයට ලක් නොවූ පතහවැව හා ගල්පියස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එම වැව් ජලය උපයෝගී කර ගනිමින් වී වගාව මෙන්ම මිරිස් වගා කිරීම සඳහා ගොවීන්ට පහසුකම් සලසන බව ප්‍රතිසංස්කරණ ඇරඹීමෙි අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (3)

තිස්සමහාරාමයේ පුරාණ වැව් දෙකකට පණ දෙයි

ganegoda Sunday, 02 October 2022 12:35 PM

කොතන බැලුවත් මිරිස් කරල...!!! හොඳට ඇස් ඇරලා බලන්න. ඔය උදේ ඉඳන් රෑ වෙනකන් මිරිස් කන රටවල්වල මිනිස්සුන්ගේ හැටි. මිරිස් හැරෙන්න වෙන මුකුත් ලංකාවේ හැදෙන්නේ නැද්ද?

:       0       0

sam Sunday, 02 October 2022 01:04 PM

මේ රට බංකොළොත් වෙනකම්ම හිටියද? මේ කාලකණ්ණි දේශපාලුවෝ මේවා ප්‍රතිසංස්කරණය කරන්න..!

:       0       0

ravin Sunday, 02 October 2022 02:48 PM

වැඩේ හොඳයි... පොඩි අවුලකට තියෙන්නේ පහුගිය කාලෙත් ඔය පැත්තේ වැව් හාරන්න චීන කට්ටියක් ලෑස්ති වුණා නේද? පිටිපස්සේ කොමිස් කාක්කෝ ටිකකුත් හිටියලු නේද? මේ වැඩේ කරන්නෙත් ඒ ගොල්ලන්මද? ඒ ගොල්ලො නේද අර පුත්තලම පැත්තේ වැව් ප්‍රතිසංස්කරණයට කොමිස් ඉල්ලුවාය කියලා පළාතේ කට්ටිය ප්‍රසිද්ධියේ කිව්වේ. කොහොම වුණත් ඔය කොමිස් කාක්කෙක් වැව්වලට සම්බන්ධ පුටුවකට පත්වෙලාලු නේද? හොඳටම වැඩේ බාරදෙන්න ඔය වැඩේ අපේ රටට රට දිවිහිමියෙන් රකින්න ඉන්න සහෝදරයින්ට... වැඩෙත් ශුවර් එකටම කරයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 109 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site