IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තුවාල වූ ඇතා පිහිට පතා ඇවිත් ?

වෙඩි වැදී හෝ වෙනත් හේතුවක් නිසා පාදයකට හානි සිදුව අසාධ්‍යව සිටින ඇතකු මිනිසුන්ට පෙනෙන්නට පැමිණ සිටිතැයි පුත්තලම අඩපනාවිල්ලුව ගැමියෝ කියති.

සති තුනක පමණ කාලයක සිට මිනිස් ඇස ගැටෙන පරිදි ගැවසෙන මේ ඇතා ගැන විමසිලිමත් වූ විට ඇතාගේ පාදයකට හානි සිදුව ඇතැයි දැකගත හැකි වූ බව ඔවුහු කියති.

අඟහරුවාදා රාත්‍රී පාදයෙන් විශාල ලෙස රුධිරය වහනය වී තිබිණි. අද වනජීවී නිලධාරීන් එහි ගොස් ඇතා පරීක්ෂා කර බැලුවේය. ඔවුන් පවසන්නේ පශු වෛද්‍යවරු ගෙන්වා ඇතාට ප්‍ර‍තිකාර කළ යුතු බවයි.

DSC09005 DSC09012

 

 



අදහස් (0)

තුවාල වූ ඇතා පිහිට පතා ඇවිත් ?

ස්මිත් Thursday, 26 November 2015 08:22 AM

පශු වෛද්‍ය අලියා මරණාසන්න වෙනකොටද දන්නේ නැහැ එන්නේ. සාමාන්‍යයෙන් එහෙම නිසා සතා අවසන් හුස්ම හෙලන්න ළං වෙනකොට ඇවිත් ලකුණු දාගන්න වැඩ කරන්න හදල,පස්සේ මහත් පරිශ්‍රමයක් දමා එ්ත් බේරා ගන්න බැරි වුන බව මාධ්‍ය සාකච්ඡාවක් තියල කියනවා, (බ)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 25 November 2015 05:46 PM

ඇහේ කුමන හේතුවකින් හෝ තුවාල ලබා වේදනාවෙන් පෙලෙන මෙම අලියට ඉක්මනින් ප්‍රතිකාර ලබන දීමට කටයුතු කිරීම සුවිසල් පින්කමකි (රේ)

:       0       0

බෙනට් Thursday, 26 November 2015 10:33 AM

පශු වෛද්‍යවරු ඔච්චර ගණන්ද ? (බ)

:       0       0

සුනෙත් Thursday, 26 November 2015 03:24 AM

ඉක්මනට බෙහෙත් කරන්න පටන්ගන්න. නැත්නම් වැවේ හිටිය අලියට බෙහෙත් කරගන්න නොහැකිව මැරිලා ගියා වගේ මේ අලියත් මැරිලා යාවි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 November 2015 04:17 AM

අය්යෝ අලි කීදෙනෙක් මැරුණද පහුගිය ටිකේ , අපේ අවාසනාවද නැත්නම් අලින්ගේ අවාසනාවද මන්ද ?(ම)

:       0       0

වත්සලා Thursday, 26 November 2015 04:18 AM

සතුන්ට කරුණාව දක්වන උදවිය තවමත් අපි අතර ඉන්නවා කියන විශ්වාසය මතයි අලියා අැවිත් තියෙන්නේ . අපි ඒ විශ්වාසයට ගරු කරන්න ඕන (ම)

:       0       0

පද්මිණී Thursday, 26 November 2015 05:52 AM

මට මේ දර්ශනය බලන්න බැහැ. අනේ වනජීවී නිලදරුවනි, මේ සද්දන්තයාගේ ජීවිතය බේරන්න. ඔබට බොහොම පින්! (නි)

:       0       0

තිස්ස Thursday, 26 November 2015 06:35 AM

මේ සතාට සුවය ලබාදීමට කටුතු කරන ඔබලාට මහා පිනක් ලැබේ. හස්තියානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා! (ස)

:       0       0

පරාක්‍රම Thursday, 26 November 2015 06:37 AM

අපේ මිනිස්සු ගිහින් අලින්ගේ වාස භූමිය ආක්‍රමණය කරලා. අලියාගේ අයිතිවාසිකම ගැන කියන්න අලියා ඉදිරිපත් වෙන කොට එයාලට වෙඩි තියනවා. මේවා හුඟක් සිදුවන්නේ සිංහල බෞද්ධයෝ ඉන්න ප්‍රදේශවල. ඔන්න ඕකයි අපේ සමාජයේ හැදියාව.(ම)

:       0       0

රූපාවතී Thursday, 26 November 2015 06:45 AM

අපේ රටේ අලි ටික රැකගන්න රජය මීට වඩා වැඩි වැඩ කොටසක් කළ යුතුයි..වනජීවීන්ට හමුදාවෙන් හෙලිකොප්ටර් සහ සතුන්ට ප්‍රතිකාරයන් සදහා රෝහලක් තිබිය යුතුයි...? (ම)

:       0       0

වරුණ Thursday, 26 November 2015 08:00 AM

මොන ආණ්ඩුව පත්වුණත් අලි මිනිස් ගැටුමට විසඳුම් නැහැ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 26 November 2015 08:02 AM

මේ අලි මරණ අය අල්ලලා එක මාස 6 කටවත් හිරේ දාන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site