ඒ. බී. ඩිවිලියස් (නොදැවී 33)සහ සවුරබ් තිවාරි (නොදැවී 36) අවසන් ඕවරයේදී ලකුණු 26 ක් රැස්කිරීම නිසා අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ පෙරේදා (17) පැවැති දෙවැනි තරගයේදී පූනේ වෝරියස් පිල කඩුලූ 6 කින් පරාජය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය. කොදෙව් ප‍්‍රවේගකාරි පිතිකරු ක‍්‍රිස් ගේල් පන්දු 48 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 81 ක් රැස් කිරීමට සමත් විය. මෙහිදී ක‍්‍රිස් ගේල්, රෝහිත් ශර්මා යැවූ ඉනිමේ 13 වැනි ඕවරයේ අවසන් පන්දු 5 ට හයේ පහර පහකින් ලකුණු 30 ක් රැස් කිරීම කැපී පෙනේ. පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 182 (රොබින් උත්තප්පා 69, ජෙසි රයිඩර් 34, මාලන් සැමුවෙල්ස් 34/2) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 186 (ක‍්‍රිස් ගේල් 81, සවුරබ් තිවාරි නොදැවී 36, ඒ. බී. ඩිවිලියස් නොදැවී 33)
2025 දෙසැම්බර් මස 18
320
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිවාරි (36*) - ඩිවිලියස් (33*) බැංගලෝර් පිලට ජය ගෙනෙති