(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී.
මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබේ.
ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී ඇතැයි වාර්තා වේ.
මේ තත්වය හමුවේ රට තුළ ඩීසල් ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර ,එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .
එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ .
තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහක ට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර,ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට ඇත.
මේ තත්වය තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යංශය කියයි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇතවී තිබෙන බව වාර්තා වෙයි.
මේ අතර ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමට ද සීමා කර ඇත.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තෙල් සංස්ථාව අලි අමාරුවක
සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 February 2022 08:22 PM
තෙල් සංස්ථාවේ ලොකු ලොක්කන් ඇතුළු කණ්ඩායම්වල විශේෂ සැප පහසුකම් හා අනවශ්‍ය වැඩි පහසුකම් සැපයීම් ඇතොත්, ඒවා වහාම කප්පාදු කිරීමට කටයුතු කළ යුතුයි. රාජ්‍ය ආයතන, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය ආදිය තෙල් සංස්ථාවට කෝටි ගණනින් මෙසේ ණයවීමට හේතු කුමක්දැයි සොයා බැලිය යුතුයි. මෙසේ කෝටි ගණනින් මුදල් ණය වී ඇත්තේ මහජන සේවය සඳහා නම් නොවන බව පෙනේ. මන්ද යත්, විදුලිය රටේ මහජනතාවට නිකන් දෙන්නේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මහජනතාව ගුවන් යානාවල නිකං ගෙනියන්නේද නැත. එසේ නම්,මේ තරම් ණය වූවේ දේශපාලකයින් නිසාද යන්න ගැන කෙනෙකුට සිතෙන්නට පුළුවනි. ලොකු ලොක්කන්ගේ නොමනා වියදම් නිසා යැයි කියාත්, යමෙකුට සිතෙන්නට පුළුවනි. එය එසේ යැයි සනාථ වන්නේ, කිසිඳු රජයක දේශපාලනඥයින් හා අදාළ ආයතනවල ලොකු ලොක්කන් මේ ණය මුදල් ගැන කිසිත් නොකියා වගේ වගක් නැතිව ඉන්නා නිසායි....
fairoosWednesday, 23 February 2022 01:09 PM
එතකොට මේ කාලකණ්ණි ආණ්ඩුව මේකට වගකියන්න ඕනෙ නැහැ...ද?
Prasanna Rahtnasiri Tuesday, 22 February 2022 05:22 AM
මේ මොන පිස්සුවක්ද, තෙල් සංස්ථාව ලංකාවේ රජයට අයිති නැද්ද, ඉතින් ඔය විදියට, ගම්මන්පිලට වෙනම විදේශ ප්‍රතිපතියක් හදාගෙන පිට රටවලට කතාකරල ඩොලර් හොයාගන්නද කියන්නේ, ඒ කියන්නේ රටේ ලොක්කා ඇතුළු පිරිවර fail කියලා නේද මේ කබ්බා කියන්නේ , අර කිංස්ලි කොල්ලටවත් මේක ස ට කියන්න බැරිද, කැතයි, ලැජ්ජයි, හිරිකිතයි බං
දිමුත් Tuesday, 22 February 2022 10:51 AM
සංස්ථාව විතරද? මිනිස්සුත් අලි අමාරුවේ...!
fairoos Tuesday, 22 February 2022 01:20 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ. වහල්ලුන්ට දැන් සැපද? සර් පට්ට ෆේල්...!