IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙල්වලින් මාස 4 කදී කෝටි 4,340 ක ලාභයක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ (2023) පළමු මාස හතරේදී රුපියල් බිලියන 43.4 ක් හෙවත් රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලැබූ බව මුදල් අමාත්‍යංශය මෙම වසර මධ්‍යයේ නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වේ.

එම මාස හතරේදී බොරතෙල් ආනයනයට ඩොලර් මිලියන 277.1 ක් සහ ඛනිජ තෙල් ආනයනයට ඩොලර් මිලියන 1,009.3 ක් වැයකර ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව එම කාලය තුළ ආනයනය කළ පෙට්‍රෝලියම් නිෂ්පාදනවල සමස්ත අගය ඩොලර් මිලියන 877.35 ක් බවත් එම වාර්තා කියයි.

මෙම වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මාස දක්වා කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,599.7 ක පිරිවැයක් දරා ඇති බවත් එය සමස්ත ආනයන වියදමෙන් සියයට 30 ක් බවත් එම වාර්තාව වැඩි දුරටත් හෙළි කරයි.

 



අදහස් (7)

තෙල්වලින් මාස 4 කදී කෝටි 4,340 ක ලාභයක්

Dewa Tuesday, 11 July 2023 09:45 AM

ආන්ඩුවට ජය වේවා

:       3       7

තෙල්විදානෙ Tuesday, 11 July 2023 10:05 AM

මෙවා දැක්කහම මට තෙල් බලා ව මතක් වෙනව.

:       0       5

කෝරළගේ Tuesday, 11 July 2023 10:54 AM

මිනිස්සුන්ට හොම්බෙන් යන්න තෙල් මිල නහුතට වැඩි කරල දැන් කෝටි 4,340 ක ලාභයක් කියල කියන්න මේ ආණ්ඩුවට විලි ලැජ්ජ නැද්ද??? මිනිස්සු අද එදා වේල කන්න නැතුව පොලොවෙ පස් කනව.

:       1       13

dhamneth Tuesday, 11 July 2023 11:43 AM

ඔහොමවත් ලාභයක් නොගෙන කොහොමද දියව් දියව් කිය කියා සෑම දෙයක්ම නොමිලේ බලාපොරොත්තු වන අයට සහන සලසන්නේ

:       2       7

swene Tuesday, 11 July 2023 11:45 AM

අපේ රීරි මාංශය කාලා තොපේ ලාභ පෙන්නපල්ලා. බෙදා ගනිල්ලා

:       0       9

සුරන්ග Tuesday, 11 July 2023 11:47 AM

රටට බරක් නැතිව යන එක සතුටුයි .වැඩියෙන් තෙල් පුච්චන්නේ දුප්පතුන් නොවෙයි කෝරලගෙ

:       2       4

de silva Tuesday, 11 July 2023 01:17 PM

ලාබලබන එක පුදුමයක් නොවේ.. ලෝක වෙළඳපලේ තෙල්මිල පහළ යනකොට මෙහෙ පහළ යන්න මාස 3-4ක් ගතවෙනවා. වැඩි වුණොත් එක රැයක් තුළ වැඩිවෙනවා. හරියට මිල සුත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජනතාවගේ පොකට් එකට විදිනවා. අපිත් බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site