IMG-LOGO

තලවතුගොඩදී වෙඩි වැදුණු අය මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ  පුද්ගලයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.   

මෙසේ මියගොස් ඇත්තේ තලවතුගොඩ වැලිපාරේ අංක 492/1/1 හි පදිංචි  දිලුක් රංග පෙරේරා නොහොත් " දිලූවා " නමැති (41) හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමෙන් බරපතළ තත්වයේ පසුවූ පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලීසිය කියයි .

තලවතුගොඩ වැලි පාරේ පිහිටි සිය නිවසේ  කාමරේක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුලට පැමිණ  මිලි මීටර්  නවය වර්ගයේ පිස්තෝලයකින් හිසට වෙඩි ප්‍රහාර තුනක් තබා   පලා ගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සමයං නමැත්තා ගේ සමීපතමයෙකුගේ සහෝදරයෙකු 2016 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකි. ඊට  අදාළ නඩුව මේ වන විටත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.


 

තලවතුගොඩදී වෙඩි තබා පලාගිහින්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ  බුද්ධික කුමාරසිරි)

තලවතුගොඩ වැලිපාරේ නිවසක රැඳී සිටි පුද්ගලයෙකුට ම්ට ස්වල්ප මොහොතකට පෙර  කිසියම්  පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස්  ඇතැයි  තලංගම පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් බරපතළ තත්වයේ පසුවූ පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ  ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව   පොලීසිය කියයි .

(20) දා රාත්‍රී 9.30 පමණ තුවාලකරු තලවතුගොඩ වැලි පාරේ පිහිටි සිය නිවසේ  කාමරේක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුලට පැමිණ  මිලි මීටර්  නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර තුනක් තබා   පලා ගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාලකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැලි පාරේ "දිනුක" නැමැත්තා බව පොලීසිය කියයි.



අදහස් (0)

තලවතුගොඩදී වෙඩි වැදුණු අය මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site