(ආරියරත්න රණබාහු)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා යැයි කියාගන්නා හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පිළිබඳව නුදුරු දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව එම සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය
අවසන් වරට එහි මහලේකම්වරයා වශයෙන් කටයුතු කළේ තමා බව පැවසූ ඒ මහතා ඉන් පසුව එය හිස්ව පැවැති බව කීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ අටක් එම සන්ධානයට අයත් බව පැවසූ අමරවීර මහතා සුමතිපාල මහතා කියන සන්ධානයට ඒ කිසිදු පක්ෂයක් දැනට නැතැයිද කිය එසේ තිබේ නම් ඒවා සනාථ කර පෙන්වන ලෙසට අභියෝග කරන බවද කීය
මොවුන් මේ සියල්ල කරන්නේ අවසානයේ සමගි ජන බලවේගය හා එකතු වීමට යයිද අමාත්‍යවරයා සඳහන් කළේය
හිටපු නියෝජ්‍ය කතානායක තිලංක සුමතිපාල මහතා පසුගිය දිනෙක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී සමගි ජන බලවේගය සහ වෙනත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් දැක්වූ කරුණු පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් අමරවීර මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’තිලංග ගැන අධිකරණයට කරුණු කියයි!’’
de silva Monday, 03 June 2024 10:45 PM
මොන සන්ධානේ හැදුවත් මිනිස්සු ඔය පරණ හොරුන්ට චන්දෙ නොදුන්නොත් මොකද කරන්නේ ?