IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රී රෝද රිය චප්ප වෙයි : රියදුරා බේරාගන්න මෙහෙයුමක්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී බසයකට හා කන්ටේනරයකට හිරවූ ත්‍රී රෝද රියදුරා බේරා ගැනීමට කොළඹ ගිනි නිවන හමුදාව පෑස්සුම් යන්ත්‍රද යොදා ගත්තේය.

රියදුරාගේ හා රියේ පසුපස සිටි පුද්ගලයාගේ ජීවිත බේරාගත් නමුත් පාදවලට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රී රෝද රිය චප්ප වෙයි : රියදුරා බේරාගන්න මෙහෙයුමක්

ධම්මි Wednesday, 25 November 2015 03:40 PM

මේ අනාරක්ෂිත වාහන තහනම් කළ යුතුය (බ)

:       0       0

උද්දික Thursday, 26 November 2015 08:34 AM

අපේ අය ඉන්දියන් වාහන ගත්තහම යන්නේ ඉගිලිලා. ත්‍රීරෝද සහ යතුරුපැදි රිංගන්නමයි හදන්නේ. ඔයින් ගිය මදැයි (නි)

:       0       0

සමන්ත Wednesday, 25 November 2015 04:09 PM

මේ අනාරක්ෂිත වාහන යුතුයි.ලංකාවේ වැඩිම ගානක් මැරෙන්නේ ත්‍රීවිලර් සහ මෝටර් බයික් නිසා.(රේ)

:       0       0

ලතා Thursday, 26 November 2015 08:44 AM

මොන වාහනයේ ගියත් කල්පනාවෙන් යන්න ඕනෑ (නි)

:       0       0

අකලංක Thursday, 26 November 2015 08:47 AM

ඇති ඔහොම බේරුණා (ම)

:       0       0

සතිෂ් Wednesday, 25 November 2015 07:01 PM

ත්‍රීරෝද රියදුරන් හිතන්නේ ඉස්සරහ රෝදේ කොහොමහරි දාගත්තම, පිටිපස්සේ රෝද දෙකත් එම ඉඩෙන් දාගන්න පුළුවන් කියලා. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 25 November 2015 09:17 PM

චන්න, සියාද්, ඔබ දෙදෙනා නිවැරදිය. යතුරුපැදියකටවත් යන්න බැරි තැන් වලින් රිංගන එකේ ප්‍රතිඵල .... (නි)

:       0       0

ජනක Thursday, 26 November 2015 01:59 AM

ත්‍රී රෝද රියදුරන් සඳහා දැඩි නීති මාලාවක් පැනවිය යුතුයි (නි)

:       0       0

ඩග්ලස් Thursday, 26 November 2015 03:16 AM

මිනිසුන් ත්‍රී රෝද රථ වල යාම වර්ජනය කළයුතු බව හැඟේ. (නි)

:       0       0

නන්දන Thursday, 26 November 2015 03:54 AM

ඉක්මනට පියවරක් ගන්න කාලය හරි (බ)

:       0       0

ලලිත් Thursday, 26 November 2015 05:00 AM

වාහන රියදුරන්ට විතරක් බැනල වැඩක් නැහැ. යල් පැනගිය නීති වෙනස් කරලා වෙනත් දියුණු රටකින් හරි කොපි කරලා අංග සම්පුර්ණ මාර්ග නීති පද්ධතියක් රටට හඳුන්වා දෙන්න අවශ්‍යයි. අනික වෙනත් දියුණු රටවල තිබෙන මාර්ග සංඥා පද්ධතියක් සහ මාර්ග සලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන්න අවශ්‍යයි. තුන්වැන්න ගල් අඟුරු වාහන දුවන කලේ පවත්වපු රියදුරු පරීක්ෂණ ක්‍රමය ඉවත් කරලා මන රියදුරු පුහුණු ප්‍රමිතියක් සහ පරීක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතුයි. (ම)

:       0       0

ගමගේ Thursday, 26 November 2015 06:06 AM

පාරේ යනවිට අපි දකින, වැරදි කරන රියදුරෝ ට්‍රැෆික් රාළහාමිලාට පෙනෙන්නේ නැහැ. සාමාන්‍ය යතුරුපැදි සමඟ සිවිල් ට්‍රැෆික් පොලිස් නිලධාරීන් යොදවන්න. එතකොට රියදුරන් වැරදි කරන්න බයවෙයි. (නි)

:       0       0

හෙසා Wednesday, 25 November 2015 01:41 PM

අය්යෝ පව් අලි දෙන්නෙකු මැදට හිර වුණ කුම්බියා. ත්‍රීවීල් අය‍ට තේරෙන්නෙම නැහැනේ. හදිසිය නිසා අපරාදේ ජිවිත (අ)

:       0       0

රූපවතී Thursday, 26 November 2015 06:54 AM

ඇත්තටම මේ ත්‍රී ර‍ෝද ටික තහනම් කරලා සියල්ලම නැවත ආපසු ඉන්දියාවට පරණ යකඩ වලට හරි දීලා, රටේ ඉන්න මිනිසුන්ගේ ජීවිත ටික බේරාගන්න මෙහෙයුමක් කරන්නයි තියෙන්නේ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 26 November 2015 07:18 AM

රූපවති නෝනේ, ඒත් ඉතින් ඊයේ පෙරේදා වාහන උඩ ගිය හැටියට හිතනවද හදිසියකටවත් ටැක්සියක යන්න පුළුවන් වේවි කියලා? රෝද තුනත් එකකින් උස්සලා තියෙන්නේ. අනේ ඉතින් අර පහුගිය දවස්වල නොතෙමී යන්න වාහනයක් ගන්න පුළුවන් කියලා කෑගහපු ජෝඩු තව කීයක් ත්‍රී රෝද පිහිටවත් පතනවා ඇද්ද? (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 25 November 2015 02:17 PM

ඔය අස්සෙන් රිංගන එකේ ප්‍රතිපල තමයි. (ර)

:       0       0

සාමා Wednesday, 25 November 2015 03:13 PM

ත්‍රී රෝද රියදුරෝ තමා බොහොමයක්ම මාර්ග නීති කඩ කිරීම් වලට වගකියන්න ඕනේ. පෙනෙනවා නේද අවසාන ප්‍රතිපල. අපරාදේ ජීවිතයක්. (බ)

:       0       0

සියාද් Wednesday, 25 November 2015 03:29 PM

අස්සෙන්මනේ රිංගන්න යන්නේ (බ)

:       0       0

ටෙනිසන් Thursday, 26 November 2015 05:07 PM

රූපවතී නගේ ටිකක් හිතන්න. ත්‍රීවීල් රැකියාව නැතිවුනොත් මේ රටේ රැකියා නොමැති ගොඩට තවත් දහස් ගණනක් එකතුවෙනවා. හදිසියකටවත් දුගියාට තමන්ගේ ගමන් පහසුව අඩු වියදමකින් සම්පූර්ණ කර ගන්න බැරි වෙනවා.බොහෝවිට මැද පෙරදිග රටකට තම ශ්‍රමය තුට්ටු දෙකට විකුණලා ඉතිරි කරගන්න සොච්ච්ජමෙන් ත්‍රී වීලරයක් මිලට ගෙන ස්වයන් රැකියාවකින් තම දරුපවුල රකිමින් ඔවුන් හා එකට දුක සැප බෙදා ගන්නා මහතුන් ගැන සිතන්න. ඔවුන් රටටත් සමාජයටත් බරක් නොවී තම දරු පවුල රැක ගැනීම කෙතරම් ප්‍රසන්සනීයද.හැමදෙනාම එකම මිම්මෙන් මනින්න එපා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site