IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තරු පියවරුන්ගේ තරු පුත්තු

මෑතකාලීනව අප රටේ සංගීත ක්ෂේත්‍රය තුළ තම හැකියාවන් ප්‍රකට කරන ගායක පුතුන් අතර ග්‍රේෂන් ආනන්දගේ පුත් මාරියෝ ජයතුංග, කීර්ති පැස්කුවල්ගේ පුත් කසුන් පැස්කුවල්, සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා, ගුණදාස කපුගේ පුත් මිත්‍ර කපුගේ ඇතුළු ශිල්පීන් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

 

2016-07-01-ent-104

2016-07-01-ent-103

 

ප්‍රවීණ ගායක සී.ටී. ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු අදත් ලෝකයේ සෑම රටකම වෙසෙන ශ්‍රී ලාංකික සංගීත ලෝලීන්ගේ දැඩි පැසසුමට හා ආදරයට ලක් වී සිටී.

මගෙ දෑසම පියවී ඉන්නේ, ගිලුනා ශෝක ගඟේ වැනි ගීත අද පරපුරට ඇසෙන්නේ මෝහන්රාජ් මුත්තුසාමිගේ හඬින් වුවද එම මිහිරි ගීත දශක ගණනාවකට පෙරාතුව ගායනා කළේ ඔහුගේ පියා ආර්. මුත්තුසාමිය.

අල්හාජ් මොහිදීන් බෙග්ගේ ගීත හා සංගීත ක්ෂේත්‍රයට ඔහු ලබාදුන් සුවිශාල දායකත්වය මෙවැනි විශේෂාංගයකින් කතා කිරීම අසාධාරණය. ඔහුගේ නාමය අද අපහට සිහිවන්නේ ඔහුගේ පුතුන් වන ඉෂාක් බෙග් හා ඉල්යාස් බෙග්ගේ හඬ තුළින්ය. ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ මධුර ගීත අද අපට ඇසෙන්නට ලැබෙන්නේ ප්‍රියංකර පෙරේරා හා චලක චමුපත් පෙරේරාගේ හඬින්ය.

අද ජීවතුන් අතර නැති ෂෙල්ටන් පෙරේරා හා පුත් සතිස් පෙරේරාගේ ගීත අපේ මතකයෙන් කිසිදා අමතක නොවනු ඇත.

එදා සිංහල සිනමා ක්ෂේත්‍රයේ මධුරතම පසුබිම් ගී හඬක් වූ ධර්මදාස වල්පොලගේ පුතුන් අමිත් වල්පොල හා සුනෙත් වල්පොල තම පියාගේ අඬි පාරේ යමින් රසික සිත්සතන් පිනවති. බයිලා චක??්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුගේ නාමය කිසිදා බිඳහෙළිය නොහැක්කකි. එදා එම්.එස්. ගීත අද බොහෝවිට ඇසෙන්නේ ඔහුගේ පුතුන් වන සරත් ප්‍රනාන්දු හා සුසිල් ප්‍රනාන්දුගේ හඬ තුළින්ය.

ජන සංගීතයට ඉමහත් මෙහෙයක් ඉටුකළ ලයනල් රන්වලගේ පුත් සහන් රන්වල පියාගේ අඩි පාරේ යමින් එම වගකීම් කොටස ඉටු කරමින් සිටී. එය සැබැවින්ම පැසසිය යුතු ක්‍රියාවකි.

මිල්ටන් මල්ලවාරච්චි නමේ ප්‍රේමණීය හදවත් ආමන්ත්‍රණය කළ තවත් ගායකයෙකු නැතැයි බොහෝ සංගීත රසකාමීහූ විශ්වාස කරති. පියාගේ ගීත ගායනා කරමින් රසිකයින්ගේ අතීත මතකයන් ස්මරණය කිරීමට ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චිට හැකිවී තිබේ.

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ පුතුන්වන ජයන්ත රත්නායක හා කැලුම් රත්නායක අතිදක්ෂ සංගීතවේදීන් මෙන්ම ගායකයින් ලෙස තම හැකියාවන් මනාව පිළිබිඹු කොට තිබෙනවා. ඒත් ඒ දෙදෙනාම පියාගේ ගීත ගායනා කිරීමෙන් වැළකී සිටීම ගැන අපේ ගෞරවය පුද කළ යුතුය. තවත් ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයෙකු වන මර්වින් පෙරේරාගේ පුත් අමල් පෙරේරාද කලා ක්ෂේත්‍රයට බිහිවූ තවත් නපුරැ පුත්‍රයෙකි. අද අතර ජීවතුන් අතර නැති ප්‍රෙඩී සිල්වාගේ පුත් ජනේෂ් සිල්වා ද ගායනා ලොවේ පිය - පුතු සුසංයෝගයට ඇතුළත් විය යුතු ශිල්පීන් දෙදෙනෙකි.

මෑතකාලීනව අප රටේ සංගීත ක්ෂේත්‍රය තුළ තම හැකියාවන් ප්‍රකට කරන ගායක පුතුන් අතර ග්‍රේෂන් ආනන්දගේ පුත් මාරියෝ ආනන්ද, කීර්ති පැස්කුවල්ගේ පුත් කසුන් පැස්කුවල්, සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා, ගුණදාස කපුගේ පුත් මිත්‍ර කපුගේ ඇතුළු ශිල්පීන් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

අතිදක්ෂ සංගීතඥ මහේෂ් දෙනිපිටියගේ පුත් ඉෂාන් දෙනිපිටිය, විශාරද එඩ්වඩ් ජයකොඩිගේ පුත් චන්දීප සාරනාත් ඇතුළු තවත් අතිදක්ෂ පුතුන් පිරිසක් අනාගතයේදී සංගීත ක්ෂේත්‍රයේ ජයකෙහෙළි නැංවීමේ ඉඟි දැනටමත් කළකර තිබේ. තරැපති මුණසිංහද ඒ අතරින් සුවිශේෂීය.

 

රමේෂ් උවයිස්

 

DESHAYA

 

2016-07-01-ent-102

2016-07-01-ent-100

2016-07-01-ent-101
 



අදහස් (0)

තරු පියවරුන්ගේ තරු පුත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site