"Thor" චිත්‍රපට මාලාවේ අලුත්ම කොටස වන "Thor: Ragnarok" චිත්‍රපටයේ පෙර නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහි Skurge the Executioner ගේ චරිතය නිරූපණය කරන්නේ කාර්ල් අර්බන්ය. හතළිස් තුන් හැවිරිදි කාල් පවසන්නේ මෙහි පිටපත විශිෂ්ට මට්ටමක පවතින බවත්, තමන්ගේ චරිතය අතිවිශිෂ්ට මට්ටමක පවතින බවත්, ඒ තුළ ක්‍රියාදාම රැසක් දැකගැනීමට ලැබෙන බවත්ය. එසේම මෙහි මෙවර සියලු චරිත ප්‍රබල මට්ටමකට ඔසවා තබා ඇති අතර, කාල් පවසන්නේ මෙහි අධ්‍යක්ෂ තයිකා වයිටිටි මෙම චිත්‍රපටයත් සමගින් හොලිවුඩයේ සිටින විශිෂ්ටතම ත්‍රපට අධ්‍යක්ෂවරයකු වන බවය. චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා කේට් බ්ලැන්චෙට්, ජෙෆ් ගෝල්ඩ්බ්ලම් සහ මාක් රෆලෝ එක්වීමට නියමිතය. එසේම මෙහි මෙවර මෙල් ගිබ්සන් සිය ප්‍රධාන චරිතයෙන් ඉවත් කර තිබීමද කැපී පෙනෙයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'තෝර්' අලුත්ම චිත්‍රපටයේ පිටපත විශිෂ්ටයිලු