ශ්රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන කවර යෝජනාවක් ක්‍රියාත්මක වුව ද එකී සියලු කාරණා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට යටත්ව සිදුවිය යුතු බව තරුණ නීතීඥ සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාට ලිපියක් යොමු කරමින් තරුණ නීතීඥ සංගමය ඒ බව සඳහන් කරයි.
නීතීඥ සංගම් යෝජනාවලිය අධ්‍යයනය කර බැලීමේදී එහි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් විය යුතු ය කාරණය පිළිබඳව නිශ්චිතව සඳහන් කර නැති බව සිය අවබෝධය යැයි ද එකී ලිපියේ දැක්වේ.
ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ය යන්න විරෝධතාකරුවන්ගේ සහ මහජනතාවගේ ප්‍රධාන ඉල්ලීම බවත් ජනාධිපතිවරයාට එසේ ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තියෙන් නිශ්චිත ප්‍රතිපාදන සපයා ඇති බවත් තරුණ නීතීඥ සංගමය සඳහන් කරයි.
මෙරට ආර්ථිකය ගොඩනැගීම සදහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් දක්වා ඇති යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගන්නා විට, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සාමාන්‍ය ජනතාවට එල්ල විය හැකි ආර්ථික පීඩනය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන්නැයි ද එම සංගමය නීතීඥ සංගමයෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් මේ දක්වා ක්‍රියා කළ ආකාරය පිළිබඳව අප කෘතඥ වන අතර මින් ඉදිරියටත් මෙම දේශපාලකයන්ට තමුන්ගේ ජනතා විරෝධී දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ඉඩකඩ හදා දීම වෙනුවට ජනතාවගේ සටන් පාඨ වලට වඩා සාධාරණයක් වන ලෙස කටයුතු කරන ලෙස නීතීඥ සංගමයෙන් ඉල්ලා සිටින බව ද තරුණ නීතීඥ සංගමය සිය ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥයින්ගේ ඉල්ලීම මත කිසිඳු නඩුවක් කල් නොදැමිය යුතුය. ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා එය ඇතුළත් කළ යුතුයි.
ගෝල්ෆේස් ඉන්නෙ සමස්ත ජනතාව හෝ නියෝජනය නොවෙයි... හැමදාම පාරේ දඟලන භීසනයට කැමැති ජවිපෙ. කණ්ඩායම් දෙක. අනික මැදිහත් වීම ගැටලුවක් නැහැ. නීති සංගම් දෙකම නිගමනවලට එන්න අපි ඇටෝනි බලයක් දීලා නැහැ... කොහොමත් ජනපති අස්විය යුතු නැහැ.. මේ හඬ මෙයාලා සම්බන්ධ නැතිවත් ඇති.. එන්.ජී.ඕ. හඬක් ගෝල්ෆේස් ඉන්න සමහර කොල්ලන්වත් දන්නේ නැහැ... ගෝල්ෆේස් වගේ නොවෙයි ජනතාව බැස්සොත්. අපහසුතා බඩගින්න තියෙනවා තමයි විසඳගන්න. රටේ ආරක්ෂාව වැදගත් ඒ නිසා ජනපති යන්නේ නැහැ.