IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


තරුණියගේ සිරුර බෑගයේ දමාගෙන ආ එස්.අයි. වස බී එල්ලෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රසන්න පත්මසිරි)                   

වේල්ල වීදියෙන්  හමුවූ   30  හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් පරීක්ෂකවරයා (52) වස පානය කර සිය දිවි නසා ගෙන සිටියදී  අද (3) බඩල්කුඹුර පහේ කණුව  ප්‍රදේශයෙන්  හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

ඔහු 52 හැවිරිදි බුත්තල පොලිස්  ස්ථානයට අනුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකි.

විශේෂ පොලිස් කණ්ඩායම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිවස වටලන  අවස්ථාවේ දී නිවසින් පලාගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

පසුව එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී කැලෑ ප්‍රදේශයේ තිබී ඔහුගේ සිරුර  ගසක එල්ලෙමින් තිබියදී   පොලිසිය මඟින් සොයාගෙන ඇත. එම ස්ථානයේ  තිබී වස කුප්පියක් ද  පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

 



අදහස් (23)

තරුණියගේ සිරුර බෑගයේ දමාගෙන ආ එස්.අයි. වස බී එල්ලෙයි

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 March 2021 04:53 AM

මේ වගේ දේවල් කරන්න පුළුවන් අය ලංකාවේ පොලීසියේ ඉන්නවා යැයි කියන එක සමහරවිට ලෝක වාර්තාවක් ද දන්නේ නැහැ... එහෙම වුණොත් කොයිතරම් දෙයක්ද නේද? මෙවැනි දේවල් හොඳ අත්දැකීම් නොමැතිව සිදුකළ නොහැකියි. භීෂණ කාල තුළදී හෝ යුදමය කාලවල මේ වැනිදේ හොඳට කරලා පුරුදු ඇති.. මේ තාජුදීන්ලා, එක්නැලිගොඩලා, රිචඩ් සොයිසලා වැනි අය ඝාතනය කළ අයද දන්නෙත් නැහැ. පොලිසිය ඇතුලේ මෙවැනි වැඩ කරපු හා කරන තවත් මෙවැනි අය ඉන්නවාද දන්නෙත් නැහැ. ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීමට සිටිනා සමහර දෙනා දේශපාලකයින්ගේ සරණ ගොස්, හැම තක්කඩි වැඩක්ම කරනාවිට, රටේ මේ වැනි දේවල් සිදුවීම පුදුමයක් නම් නොවේ.

:       18       54

විජිත් Wednesday, 03 March 2021 11:25 AM

බොහොම හරි සමිත. අපේ රටේ නම් එකිනෙකට සාපේක්ෂව යන ධර්මතාවක් තමයි " මිනීමැරීම " කියන දෙය.. අවස්ථාවාදී නරුම මිනීමරු දේශපාලුවන් ඊට දෙන අර්ථකතනයයි. දැන් බලන්න 88 - 89 කාලයේ දකුණේ කොයි තරම් තරුණ තරුණියන් ඝාතනය වුණාද? ඔවුන්ගේ දේශපාලනය කෙසේවෙතත් ඒවත් අපි වගේම ජීවිත. සාධාරණය, යුක්තිය හොයපු ජීවිත... පාලකයින් පිටදමා තමන්ගේ සතුරන්ව මැරුවා. උදා. අපේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. එදා තම දූ දරුවන් මරපු " හමුදා ,පොලිස් නිලධාරින්ම " උතුරේ දෙමල කොල්ලෝ කෙල්ලෝ ( කොටි දේශපාලනය හරි සංකීර්ණ දෙයක්නේ ) මරද්දී අපේ දකුණේ අම්මලා තාත්තලාත්..සතුටින් උඩ පැන්නා. නමුත් ඒ අය දැනගෙන හිටියේ නැහැ ඒ හමුදා නිලධාරියාම තමන්ගේ දරුවාවත් මරපු බව. උදා. දකුණේ විජේවීර ඝාතනය කල නිලධාරියා කොළඹදී කොටි ත්‍රස්තයෙක් අතින් වෙඩි කාපු වෙලාවේ අපේ මිනිසුන් කඳුළු සැලුවා. මේ ඝාතන රැල්ල අපිට ලෙහෙසියෙන් නවත්වන්න බැහැ. බ්රෙන්වොෂ් කරපු හමුදා භටයින් යුද්ධය අවසානයේදී නැවත ප්‍රකෘති තත්වයට පත් කලේ නැහැ. ඔවුන් සමාජයට නිරාවරණය වුණා. මිනීමැරීමේ හැඟීම පමණක්ම ඔවුන්ගේ සිත් තුළ ඉතිරි වුණා.

:       3       16

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 March 2021 02:06 PM

ස්තූතියි.. විජිත්...!!! ඔයා නිවැරදියි.

:       2       10

බද්රානිWednesday, 03 March 2021 02:48 PM

ඔබ නිවැරදියි සමිත මහත්මයා. ලාංකික සමාජයේ පිරිහීමට මූලිකවම වගකිව යුත්තේ පාලකයින් පමණක් නොව පූජකයින් බව අප තේරුම් ගත යුතුයි. දේශපාලකයින් කරන වැරදි, නිවැරදි යයි සමාජ ගත කිරීමට වෙරදරන බඩගෝස්තරවාදී පූජකයින් නිසා සමාජයට දෙන අාදර්ශය නම් මෙතෙක් යයි කිව නොහැක. විනය හා හික්මීම වෙනුවට, සාහසික, අසංවර මිලේච්ජ කම වපුරා ඇති සමාජයක මෙවැනි අපරාධ සිදුවීම ගැන අප පුදුම විය යුතු නොවේ. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ වල සේවය කරන අයගේ නොහොබිනා ක්‍රියාකාරකම් ඇසින් දුටුවත් ඔවුන්ව ඒවා ගැන කතා කිරීම දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස පිළිගන්නා සමාජයක පවතින යතාර්ථය තමයි මේ. හැසිරීමෙන් සමාජයට ආදර්ශයක් ලබාදිය දියහැකි, පූජකයින්, දේශපාලකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන් හා විවිධ ක්ෂේත්‍රවල උගතුන්, විශ්ව විද්‍යාල සිසුන් අප රටේ නොසිටීම තමයි මේ සමාජ ව්‍යවසනයට ප්‍රධානම හේතුව වී ඇත්තේ. උද්දච්ඡ මෝඩ උගතුන් මිස, ප්‍රඥාවන්ත මිනිසුන් ඇත්තේ අතළොස්සක් වීමයි. මේ හේතුව නිසා අනාගත සමාජ ඛේදවාචක මීට වඩා ප්‍රබල විය හැකියි.

:       3       11

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 March 2021 03:31 PM

ස්තූතියි .. බද්රාණි මහත්මිය ඔබතුමියට ...

:       2       8

saman Wednesday, 03 March 2021 04:54 AM

නීතිය රකින්න ඉන්න පොලීසියේ අය මෙහෙම නම්...!!!

:       0       35

Ruhunu Wednesday, 03 March 2021 04:56 AM

එයත් පොලිසියේ කෙනෙක්ද?

:       0       22

udukumburaWednesday, 03 March 2021 06:40 AM

පොලිසිවල ඉන්නේ මිනිස්සු නෙමෙයිද? ඒකෙන් කියන්නේ මේ වරද කරපු එක හරියි කියන එක නෙමෙයි...

:       1       15

kamal Wednesday, 03 March 2021 06:16 AM

ප්‍රේමතී ජායතී සෝකෝ. මීළඟ වතාවේ පෙම්වතුන් වීම නිසා මැරෙන්න අවශ්‍ය නැති රටක ඉපදේවා..!!! 

:       4       9

Rohana Wednesday, 03 March 2021 06:25 AM

තෙවෙනි සිල්පදය කැඩීමට යාමෙන් තමන්ම කැඳවා ගන්නා මෙලොවෙහිම විඳීමට සිදුවන ප්‍රතිවිපාක....

:       5       34

SUNIL MILANO Wednesday, 03 March 2021 08:15 AM

මේ ලියුම්කරුවන් ලෝකය ගැන කිසිම දෙයක් නොවන බවත්, වර්තමානයේ ආණ්ඩුවට පහර ගැසීමට මෙම සිද්ධිය යොදාගෙන ඇති බවත් වැටහේ... කණගාටුයි.

:       24       8

වීරසිංහ.Wednesday, 03 March 2021 02:43 PM

නිකං වලිගය පාගාගෙන කතාකරන්න එපා. මෙහි රජයට පහරදීමක් නැහැ. ඇත්ත කියවිලා තියෙනවා. තමන්ගේ ගැති මතයට පක්ෂව ලියන්න කියලද මේ කියන්නේ...? ඉන්නේ මිලානෝ වුණාට හිත දඹානේ ...

:       2       7

Raveendra Wednesday, 03 March 2021 08:37 AM

විනය, හික්මීම, ඉවසීම, සමබරව සිතීම වැනි උතුම් ගුණාංග නොමැති සමාජයක් මීට වඩා කුමක් බලාපොරොත්තු වන්නද..?

:       1       20

විජිත් Wednesday, 03 March 2021 10:52 AM

රටේ මිනිසුන්ගේ විනය හදන්න කියලා හමුදා පුහුණුවක් දෙන්න යෝජනා කරන සරත් වීරසේකර කියන ඇමතිටයි මේ... විනය කියන දේ මිනිසුන්ගේ බුද්ධි මට්ටමින් තීරණය කරන්නක් බවත් ඒ වගේම මොලයේත් හදවතෙත් නිර්නාල ග්‍රන්ථින්ගේත් අතර ඇතිවන අන්තර් ජීව රසායන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත් දැන්වත් හොඳින් මතක තබාගත යුතුයි. මේ ඔබගේ පොලිසියේ මොලේ අමාරුකාර පිස්සෙකුගේ තවත් වික්‍රමයක්...!!! ඔබ රටේ මිනිසුන් හදන්න කලින් ඔබේ පොලිසියේ ඉන්න කොඳු පණනැති අයට විනය කියා දෙන්න. අමතක කරන්න එපා ඔබ මේ රටේ දුප්පත් ජනතාව එකතුකරලා දෙන සල්ලි වලින් පඩි ගන්න "තාවකාලික" සේවකයෙක් පමණක් බව. මට හිතෙන විදිහට නම් ඔබ පොලිසිය පොලිෂ් කරන්න කලින් පොලිසිය ඔබව පොලිෂ් කරයි.

:       1       13

lankaWednesday, 03 March 2021 02:45 PM

මෙය මෝඩ අදහසක්... හමුදා පුහුණුවකින් ලැබෙන විනය යනු මැරකම් කිරීමට ඉගෙනීම නොව... එවැනි විනයකින් කෙනෙකුට ලැබෙන පුහුණුව නම්, තමන්ගෙන් සිදුවිය යුතු රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම, වෙලාවට වැඩ කිරීම, තමන් ජීවත්වෙන පරිසරය පිරිසිදුව තබා ගැනීම, අවශ්‍ය වූ විට තව කෙනෙකුට උපකාර කිරීම වැනිදේයි.

:       10       2

kamal Wednesday, 03 March 2021 11:38 AM

කෙසේවෙතත් දින 02ක් ඇතුළත සැකකරු හඳුනාගත හැකිවීම පොලිසියේ දක්ෂතාවයක්...

:       1       7

පිටිගල මිලානෝ Wednesday, 03 March 2021 12:58 PM

දහසකුත් ප්‍රශ්න ඇති ලංකාවේ තහනම් ගහේ ගෙඩි කන්න පුදුම රුචිකත්වයක්නේ තියෙන්නේ....

:       2       6

mano Wednesday, 03 March 2021 01:20 PM

කණගාටුයි,...! කසාද බැඳපු අයට ඒ විදිහට ඉන්න දීලා පැත්තකට වෙලා හිටියා නම්, මේ වගේ දේවල් වෙන්නේ නැහැ නේද? හැබැයි කාටත් මේවා හොඳ පාඩම්...

:       3       6

චූර්ණිකා Friday, 05 March 2021 08:55 AM

එහෙම නොවෙන එකනේ අද සිද්ද වෙන්නේ... තනි අතින් අත්පුඩි ගහන්ඩ බැහැ කියලා කතාවක් තියෙනවා.

:       0       0

අනුරුද්ධ ලියනගේ Wednesday, 03 March 2021 03:40 PM

අප මේ පිළිබඳව විමර්ශනාත්මකව විචාර බුද්ධියෙන් යුතුව බැලිය යුතු වේ. පසුගිය දශක ගණනාවක් තුළ මෙවැනි හා මීටත් වඩා භයානක සහ ඛේදජනක ඝාතන, අපරාධ දසදහස් ගණනින් සිදුවී තිබෙනවා. අද වැඩියෙන් වාර්තා වන්නේ ජනමාධ්‍ය, සමාජමාධ්‍ය පල කරන මෙවැනි පුවත්ය. මෙම සිද්ධියට ප්‍රචාරයක් දෙන්නේ ඝාතකයා පොලිස් නිලධාරියකු වූ නිසාද? මේ සිද්ධිය අපේ රටේ සමාජ, සංස්කෘතික සදාචාරාත්මක පරිහානිය කියා පාන්නකි. උදේ හවා බණ අහන, බණ කියන, ධර්ම දේශනාවලට කැපවුණු ටීවී චැනල් මොර දෙන නමුත් අපේ සමාජ පරිහානිය වැළැක්වීමට හැකි වී තිබේද?. දශක ගණනාවක් තිස්සේ අප රට පාලනය කරන පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, නගර සභාවල වැඩිපුර සිටින්නේ වංචාකාරයින්, අපරාධ කාරයන්, කුඩු කාරයන්, ස්ත්‍රී දූෂකයන්, තැබෑරුම් කාරයන් ඇතුළු නිසි අධ්‍යාපනයක් නොලත් හුදු ආත්ම ලාභයම තකන පරිසරය වනසන, අපේ ජාතික උරුමයන් කාබාසිනියා කරන මෝඩයන් නොවේද? විනය, සාධාරණය අහිංසාව අවංක හාවය, කරුණාව, අනුකම්පාව ආදී ගුණාංග බලෙන් ඇති කළ නොහැක. ඒවා දරුවන්ට මාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කුඩා අවදියේ සිටම පුරුදු පුහුණු කළ යුතුයි.

:       0       2

අනුරුද්ධ ලියනගේ Wednesday, 03 March 2021 03:41 PM

නමුත් අද දරුවන්ට පාසලට ඇතුළු වීම සඳහා බොරු කීමට උගැන්වීමෙන් වංචාවේ පළමු පියවර තබන්නේය. පහළ සිට උඩට නොව උඩ සිට පහළට ආදර්ශය ලබා දිය යුතුයි. ලංකාව තරම් සුන්දර, විනීත මිනිසුන් සිටින රටක් ලෝකයේ නොමැති බවට පිළිගත් යුගයක් කලකට ඉහත තිබුණි. නැවතත් එවැනි යුගයක් උදා කර අපේ දරු පරපුරට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි රටක් ඇති කිරීම සඳහා පාලකයන් සහ වැඩිහිටියන් තුළින් ආකල්පමය වෙනසක් ජාති, ආගම්, වර්ග, කුලභේද නොතකා ජන සමාජය තුළ ඇති වනතුරු මෙවැනි සිද්ධීන් වැළැක්විය නොහැකිය.

:       0       3

බද්රානි Thursday, 04 March 2021 07:58 AM

අපි මෙතන පවතින සමාජ පරිහානිය ගැන මොනවා ලීවත්, මේ මිනීමැරුම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් කිසිවෙක් කර නැහැ. මට තියන ගැටලුව වන්නේ වස බෝතලයක් රැගෙන විත් වස බී ගසේ එල්ලුණාද? එහෙම නැත්නම් ගහේ එල්ලිලා වස බිව්වද කියන එකයි. අනික් කාරණය මේ පොලිස් නිලධාරියාගේ බිරිඳගේ ප්‍රකාශයක් පල නොවන්නේ? පොලිසිය මේ සරල කාරණා ගැන හිතුවාද?

:       1       2

Pradeepa warnakulasuriya Saturday, 06 March 2021 05:08 AM

දෙදෙනාම වැරදියි. ඒත් මියගිය අයට කිසිම දෙයක් නොඇසුණත්. අර ඉන්න දරුවන්ට, නෝනට, කොයිතරම් අපහාස විඳින්න වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 985 1

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 582 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2458 3

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2418 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 251 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2806 4

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site