IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රස්තවාදියාට සල්ලි යන මං වහයි

පාකිස්තාන ව්‍යාපාරික සහ කර්මාන්ත ප්‍රදර්ශනය මේ මස 15 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත් වෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු (5) අරලියගහ මන්දිරයේ දී නිල වශයෙන් නිවේදනය කළහ.

එහි දී එම වෙළඳ ප්‍රදර්ශනයේ නිල ලාංඡනය ද අගමැති දෙපළ හඳුන්වා දුන්හ.

පාකිස්තාන ව්‍යාපාරික ආයතන 110 ක් පමණ සහභාගී වන එම ප්‍රදර්ශනයට එරට ඉංජිනේරු මෝටර් රථ, කෘෂි කාර්මික නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන, ආභරණ, දැව නිෂ්පාදන ඇතුළු වෙළඳ කුටි 400 ක් පමණ ඇතුලත් වේ.

නවාස් ෂරීෆ් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනපති හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික,වෙළඳ හා සංස්කෘතික කරුණු ගැන දෙරටේ රාජ්‍ය නායකයින් කරුණු සාකච්ඡා කළේය. පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් සිදු කරන පකිස්ථාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී දෙරට අතර ගිවිසුම් අටකට අත්සන් තැබීය. ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කරලීම, තාක්ෂණික සහ විද්‍යාත්මක සහයෝගීතාව මෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් වල අරමුදල් රැස් කිරීම් වළක්වාලීම එම ගිවිසුම් අතරවන බැව් වාර්තාවේ.

එදිනම පකිස්ථාන අගමැතිවරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

_H1_0919 DSC_9837 DSC_9848 DSC_9852



අදහස් (0)

ත්‍රස්තවාදියාට සල්ලි යන මං වහයි

කෙවින් Wednesday, 06 January 2016 06:01 AM

අපේ දේවල් පිටරට යවද්දී මීට‍ වඩා හොඳ ප්‍රමිතියෙන් යැවිය යුතුයි. සුද්දා දෙයක් මිලදී ගැනීමට පෙර එය හොඳින් පරික්ෂා කරලා බලනවා. (නි)

:       0       0

නාමල් Tuesday, 05 January 2016 05:09 PM

කසුන්ගේ මොළය තිබෙන්නේ කොහෙද කියලා සැකයි මට (නි)

:       0       0

දුමින්ද Wednesday, 06 January 2016 06:26 AM

හිත හොඳ මිතුරෙක් (නි)

:       0       0

රසින්ත Wednesday, 06 January 2016 04:13 AM

විදේශීය රටවල් සමග ගනුදෙනු කරනකොට අපේ අය හරිම බයයි.වෙනදාට වඩා දැන් ගොඩක් දියුණුයි.හැමෝම සමඟ සම්පත් බෙදාගෙන දිගුකාලීනව හිතල වඩා කර යුතුයි. (ම)

:       0       0

කසුන් Tuesday, 05 January 2016 02:32 PM

ලංකාවේ ත්‍රස්තවාදය නැති කරන්න පකිස්ථානයෙන් ලැබුන සහය අගය කලයුතුයි. ඒත්, අපි දැන් ඒ ඔක්කම ව්‍යවස්ථාව වෙනස්කරලම දීල දාන්නයි හදන්නේ. (කෞ)

:       0       0

කැප්පැටිපොළ Wednesday, 06 January 2016 05:25 AM

පකිස්ථාන වෙළඳ භාණ්ඩ ප්‍රමිතිතියෙන් බාල භාණ්ඩ හැටියට ලෝකයේ ප්‍රසිද්ධයි. (ම)

:       0       0

අනු Wednesday, 06 January 2016 05:32 AM

අපේ දෙයක් නාග සිටුවන්න මිට වඩා හොද දෙයක් කලත් නරකද? මුළු ලෝකෙම මිනිස්සු කියන්නේ ලංකාවේ තේ, කුළු බඩු හරිම රසවත් කියල ඒවා නගාසිටුවන්න පියවර ගන්න බැරිද? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site