IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


තෝරලා බේරල හොඳ වැඩකට විතරයි දායක වෙන්නෙ

2016-07-14-ent-62

ඉගෙනීමේ කටයුතු වල යෙදෙමින් විනෝදාංශය විදිහට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය නමින් නදුනිකා වීරසිංහ වන්නීය. ඇයගේ කලා කටයුතු පිළිබඳව අපත් සමග කතාබහ නිරත වූවාය.

 

ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

2016-07-14-ent-63මම නදුනිකා වීරසිංහ. මම ඉන්නෙ කුරුණෑගල. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධිය හදාරනවා. මට දැනට වයස අවුරුදු 25 යි.

 

නිරූපණට එන්නේ කොයි කාලෙද?

දැනට අවුරුද්දක් විතර, ඒක අහම්බයෙන් සිදුවන දෙයක්. දුමින්ද කියල නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් එයත් එක්ක පොටෝ ෂූට් එකකට කථා කරනවා. ඒ හරහා තමයි ගොඩක්ම එන්න ලැබෙන්නේ.

 

මේ වනවිට දායක වෙලා තියෙන වැඩ මොනවාද?

ගොඩක්ම bridal shoots තමයි කරලා තියෙන්නෙ. ඒත් මගෙ අධ්‍යාපන වැඩත් එක්ක නිදහස ලැබෙන විදියට තමයි කළේ. වැඩි කාලයක් අධ්‍යාපන වැඩවලට තමයි යොමු කරලා තියෙන්නේ. නමුත් නිදහස ලැබෙන විදියට නිරූපණ වැඩත් කරනවා. දැනට music video එකකටත් සහභාගි වෙලා තියෙනවා. ඒ "ගැලැක්සි" සංගීත කණ්ඩායමේ "අජිත් පෙරේරා" අයියගේ ගීතයක් සඳහායි. ඊට අමතරව තව වැඩ කීපයකට තව කථා කරලත් තියෙනවා. අගෝස්තු මාසෙන් පස්සේ මගෙ අධ්‍යාපන කටයුතු ඉවර වෙන නිසා ගොඩක් වැඩවලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හිතනවා.

 

නිරූපණයද වෘත්තීය විදිහට කරන්න හිතං ඉන්නේ?

උපාධිය ලබාගත්තට පස්සෙ රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. නමුත් ඉඩක් ලැබෙන විදියට නිරූපණ වැඩත් කරනවා. දෙපැත්තම සමබරව කරගෙන මට අහම්බයෙන් ලැබුණු නිරූපණ වැඩත් කරනවා.

 

ඉගෙනීමේ කටයුතු කිව්වේ මොනවාද?

මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය, නර්තනය, නාට්‍ය හා රංගකලාව යන විෂයයන් සම්බන්ධයෙන් උපාධියක් හදරනවා. නර්තනය හදාරන නිසා නිරූපණ වැඩ කටයුතුවලටත් ඒක රුකුලක්.

 

ඒ කියන්නෙ ඉදිරියේදී රංගනයට එන්නත් අදහසක් තියෙනවාද?

තවමනම් එහෙම අදහසක් නැහැ. ඉදිරියෙදි බලමු.

 

තරුණියක් සඳහා නිරූපණය සහ රංගනය කියන විෂය උචිතද?

මම හිතනවා හොඳ හැදෑරීමක් එක්ක අවබෝධයක් ඇතිව කරනවනම් මොන දේ වුණත් සාර්ථකව කරගන්න පුළුවන් කියලා.

 

අද නිරූපණයේ ඉන්න නවකයන්ට බොහෝ දෙනා චෝදනා කරනවා, ඔවුන් නිසා නිරූපණයේ තිබෙන ප්‍රමිතිය අඩුවෙලා කියලා. මේ කාරණාව ඔබ පිළිගන්නවාද?

ඇත්තටම ඔව්. ගොඩක් දෙනෙක් අනවබෝධය නිසා ලැබෙන හැම දෙයක්ම තෝරා බේරාගැනීමකින් තොරව කරන නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. මම නම් හැම දෙයකටම දායක වෙන්නෙ නැහැ. තෝරලා බේරල හොඳ වැඩකට විතරයි දායක වෙන්නෙ

 

දෙමාපියන් අකමැත්තක් නැද්ද නිරූපණයට එකතු වුණාට?

එතරම් විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මොකද මගෙ අම්මා මගෙ හැම දේකටම මගෙ සෙවණැල්ල වගේ හිඳිමින් මාව දිරිමත් කරනවා. හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න මට හැමදේටම අම්මා මගෙ පිටුපසින් ඉන්නවා. මම නර්තනයත් හදාරන නිසා නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධතාවක් තියෙන නිසා විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ.

 

නිරූපණයට එන්න කවුරුදු හරි උදව් කරපු අය ඉන්නවාද?

ඔව්. මාත් එක්ක මුලින්ම ෂූට් එක කරපු දුමින්දට ගොඩක් ස්තූති කරනවා මම මේ වෙලාවේ. ඒ වගේම මගෙ පොටෝස් කරලා තියෙන මධුසංඛ අයියා, ජයලත් අයියා වගේම කුරුණෑගල සැලුන් "අරලියා" එකේ ඉදුමිනි බණ්ඩාර අක්කා, ශානි අක්කා යන මේ හැමෝම මට උදව් කරපු අය. මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා ඒ හැමෝටම ස්තූති කරන්න.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-07-14-ent-61



අදහස් (0)

තෝරලා බේරල හොඳ වැඩකට විතරයි දායක වෙන්නෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 289 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 778 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site