IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය අරඹයි

(යොහාන් භාසුර)

විදුලි බලය භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදීමේ ව්‍යාපෘති යටතේ ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) ආරම්භ කළේය. 

නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද 200ක්‌ විදුලි ත්‍රීරෝද රථ බවට  පරිවර්තනය කරන අතර බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රීරෝද රථ 100 බැගින් ඒ සඳහා තෝරාගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ වැඩසටහන  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.



අදහස් (6)

ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය අරඹයි

swene Thursday, 11 May 2023 10:42 PM

බලු බැල්මට මෙය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමක් ලෙස දැනේ. එහෙත්, ත්‍රිරෝද රථයට විදුලි බලය දීමට ගල් අඟුරු හෝ ඩිසල් හෝ පිලිස්සිය යුතුය. ඇති තරම් පුනර්ජනනීය බලශක්තිය තිබේ නම් පමණක් ව්‍යාපෘතිය පලදායි වන බව තේරුම් නොගෙන කෙරෙන මෙවන් ව්‍යාපෘති සම්පත් නාස්ති කිරීමකි. තවත් මෝඩ ව්‍යාපෘතියකි.

:       8       13

sam Friday, 12 May 2023 07:23 AM

පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය පිළිබද දැනුම සහ පුහුණුව විදුලි / කාර්මික දැනුම ලබාදී මෙම වැඩසටහන expedite කර තෝරාගත් රජයේ අනුමැතිය ලත් garages වෙත ලබාදී පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය සදහා යනාවූ වියදම රජය විසින් සදහන් කලයුතුවේ. එවිට දුෂිත ක්‍රියාවන් සිදු නොවේ. එම වැඩසටහන වේගවත් කිරීමට නම් එම පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කල සියලු විදුලි ත්‍රීරෝද රථයේ details database ඇතුල් කර ගත හැකි ක්‍රමය මේ අවස්ථාවේම ක්‍රියාත්මක කරන්නේනම් ලංකාවේ තිබෙනාවූ විදුලි ත්‍රීරෝද රථ ප්‍රමාණය දැනගැනීමට හැකියාව ඇත. කොලබ නගරය තුල පෙට්‍රල් ත්‍රිරෝද ඉදිරි මස 12කින් පසු සිදුනොවන බවද සදහන් කලයුතුවේ. මෙම වැඩසටහන පළමුව නගර සිමාව තුලට එට සමගාමිව රට පුරාම ක්‍රියාත්මක කලයුතුවේ. ආරම්බයේදී පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමට මුදලක් වය උවත් දිගුකාලීනව විසල මුදලක් ඉතිරිවේ සහ පරිසර වායු ද්දුෂණය අවම කරගැනීමට හැකියාව ඇත

:       0       4

විසිල් Friday, 12 May 2023 07:42 AM

ප්‍රවාහන ඇමටි ආවේ ලංගමේ ද? නෑ නේද ? ඉතින් තවත් කවර කතාද? එයා වෙනම වාහනේක යන්නේ මොකො එයාගෙ පස්සෙ කොටි එනවාද වෙඩි තියන්න?

:       3       4

Asela Friday, 12 May 2023 08:00 AM

මොනව හරි කරලා ඕවායේ සද්දෙත් අඩුකරන්න බැරිද ? පුදුම ශබ්ද දුෂණයක් වෙන්නේ ඔය වාහන වලින්

:       1       8

sam Friday, 12 May 2023 01:25 PM

සුදුළූණුවලින් වගේ හොද්ද බොරකර ගනීද? සුදුළූණුවලින් දුන්නු ගේම දන්නවනේ. දැන් මුකුත් කළේ නෑ වගේ සුදු පෙරෝගෙන බකතපස් වගේ ඉන්නේ...!

:       0       0

උපාලි Friday, 12 May 2023 05:41 PM

අපේ සුදුලූණු ඇමතිගේ තවත් සුදුලූණු පොඩි කිරීමක්. අනේ ⁣මිනිස්සු මොනවා කිව්වත් එයාට ඕවායින් මොන කොමිස් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site