(ආර්.එෆ්.එම් සුහෙල්)
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.
නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ත්‍රි රෝද රථයට ඉන්ධන ලබා ගෙන නුවරඑළිය ලවර්ස්ලිප් ප්‍රදේශයෙ පිහිටි නිවස කරා ත්‍රි රෝද රථය ධාවනය කරන අවස්ථාවේ නුවරඑළිය නගරයේ බස් නැවතුම් පලට යාබදව පිහිටි නගර සභා පුස්ථකාලය අසලදි ත්‍රි රෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන ඇත.
ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ඒ අසල සිට පිරිසක් ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කලද එය ව්‍යාප්ථ වු අවස්ථාවේ ඒ අසල පිහිටි වෙලදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රි රෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත් විය.
ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ මව , පියා සහ දියනිය ගමන් කර ඇති අතර , ත්‍රි රෝද රථය ධාවනය කර ඇත්තේ පියා විසින්ය.
ගින්නේන එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන