
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 20 කට අධික දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි නාරහේන්පිට පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපළ අතර දියමන්ති මාලයක්, දියමන්ති කරාබු යුගලක්, විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම පවුම් 10 කට ආසන්න රන් භාණ්ඩ ද ඇතුළු දේපල රැසක් වන බව පොලිසිය සඳහන් කරයි.
දෙමහල් නිවසේ 31 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප මිතුරකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පීයකු පදිංචිව සිටින අතර මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී තිබූ බව පොලිසිය කියයි.
එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු පසු දින (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපීවරයකු ඇනවුම් කර ඇති අතර එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී අනතුරුව මුදල් ලබාගෙන පිට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙරපි වේශයෙන් ඇවිත් දොස්තරගේ සේසතටම සුද්දයක් දීලා
sam Wednesday, 25 December 2024 05:51 AM
මෙයා වෛද්‍යවරයෙක්ද කියා පරීක්ෂා කරන්න. වෛද්‍ය වරයෙක් කවුරුත් දුන්නු කරලක් බොනවද? මෙයා වෛද්‍යවරයෙක් වෙන්න බැහැ..
Rohana Wednesday, 25 December 2024 10:40 AM
අන්තර්ජාලයේ දැන්වීම් පළකර නාඳුනන පුද්ගලයින් නිවසට ගෙන්වා ගැනීමෙන් මෙවැනි කරදරවලට මුහුණදීමට සිදුවේ. අන්තර්ජාලයේ තොරතුරු නිතරම සැකයෙන් බලන්න පුරුදුවෙමු...!