
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යෞවනයන් අතර ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම අභිමානය හා අරමුණු පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව තීරණය කර ඇත.
තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහි කිරීම, ජාතික සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ මාර්ගෝපදේශන, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ කඳවුරු පැවැත්වීම ජාතික තරුණ සම්මේලනයක් පැවැත්වීම යන වැඩසටහන් මේ අනුව තරුණ සේවා සභාව විසින් සැලසුම් කර ඇත.
එකී වැඩසටහන් පැවැත්වීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාතික තරුණ සේවා සභාව වෙත සලසා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ
සෙනෙවිරත්න Thursday, 04 July 2024 11:40 AM
මේවා කොච්චර කාලයක් තිස්සේ කලාද? කෝ ප්‍රතිපල ,? ව්‍යවසායකයෝ හැදුවට කෝ වෙළඳපොලක්? තමුන්නැහැලා මේ පැත්තෙන් නිශ්පාදනයට අතදෙනව කියනවා අනිත් පැත්තෙන් කොස්සෙ ඉදලේ ඉඳන් රටින් ගෙන්වන ජාවාරම් කාරයන්ට අත දෙනවා . ඔය ප්‍රාලේ. කාර්යාල කරවන කොලකැඳ කඩ, පෙට්ටි කඩ, ආප්ප කඩ නම් තියෙනවා , ටික දවසකට පස්සෙ කඩ බක්කි වල බල්ලො ලගිනව, ලොතරැයි කුටි නම් තියෙනවා . මම දැක්කා හිටපු සිරිසේනගෙ නමත් තියෙන ලියුම් කවර ව්‍යාපාර, ඕවයින් රට ගොඩ යන්න පුලුවන් නම් මෙලහකට වෙලා,මේ බොරුව දැන්වත් නතර කරන්න. නිවැරැදි යමක් කරන්න. විදේශීය වෙළඳ පොලට යමක් එක්කල හැකි දෙයකට අදහසක් නැද්ද? අපේ ගම්වල හිස් ඉඩම් තියෙනව ඒවයෙ තේ පැල දෙතුන්දාහක් හිටවගෙන හරියට නඩත්තු කලොත් පවුලත් රටත් ගොඩ, එහෙම කරන පාටක් නැහැ පැරනි නීති නිසා. ඔය කරන්න හදන්නෙ චන්දෙට තරුණයන් රැවටීමක් සහ යාලුවන්ගෙ සාක්කු පිරවිල්ලක්