දකුණු ඉන්දියානු නළු සූර්යා විසින් තරුණයන් දෙදෙනෙකුට පහර දුන් පවසමින් ඔහුට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. මෙයට හේතුව ලෙස ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරන්නේ, කාන්තාවක් විසින් මෝටර් රථයක් පදවා ගෙන යමින් සිටියදී එම මෝටර් රථය එකවර නතර කිරීම හේතුවෙන් ඊට පසුපසින් යතුරු පැදියකින් පැමිණ ඇති තරුණයන් දෙදෙනෙක් එම මෝටර් රථයේ ගැටී තිබෙනවා. එම අනතුරෙන් ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුනොවූවත්, ඔවුන්ගේ යතුරු පැදියට හානිවීම හේතුවෙන් එම තරුණයන් දෙදෙනා එම කාන්තාවගෙන් යතුරු පැදිය නැවත අලුත්වැඩියා කර දෙන මෙන් ඉල්ලා තිබෙනවා. එම කාන්තාව ඒ සඳහා තම අකමැත්ත පළ කළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර එම මොහොතේ ඒ අසලින් ගමන් ගත් සූර්යා අදාළ කාන්තාව සමග බහින් බස් වෙමින් සිටි තරුණයන් දෙදෙනාට කිසිදු වීමසීමකින් තොරව තමන්ට පහර දුන් බවට එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා. පහරකෑමට ලක්වූ මේ තරුණයන් දෙදෙනා පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරීමට ගියත් පැයක පමණ කාලයක් තමන්ට ඒ සඳහා පොලීසිය තුළ රැඳිසීටීමට මොවුනට සිදුවී ඇති අතර පසුව ඔවුන් නීතිඥයෙකු මාර්ගයෙන් ගොස් පැමිණිල්ල ගොනු කළ බවයි ඔවුන් පවසා ඇත්තේ.
පහරකෑමට ලක්වූ මෙම තරුණයන් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ, මෙම සිද්ධියෙන් පසු තමන් භීතියට පත්වී සිටින බවයි. එයට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ සූර්යා ජනප්‍රිය තරුවක් බැවින් ඔවුන්ට වෙනත් පාර්ශ්වයන් විසින් හෝ යම් බලපෑමක් සිදුකිරීමට හැකියාව ඇති බවයි. සූර්යා ජනප්‍රිය තරුවක් වුවත් වරදක් කර ඇති නිසා නීතිය ඉදිරියට අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව එම තරුණයන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සූර්යා සඳහන් කර ඇත්තේ, මෙම තරුණයන් දෙදෙනාට පහර නොදුන් බවයි. එහිදී වැඩදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ ස්ථානයෙන් තමන් ගමන් කරමින් සිටින විට කාන්තාවක් සමග බහින් බස් වන දැක අදාළ ගැටලුව සමථයකට පත් කිරීමට තමන් උත්සාහ කළ බවයි.
ඩිලාන් ක්‍රිෂාන්ත
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තරුණයන් දෙදෙනෙකුට පහරදුන්නැයි සූර්යයාට විරුද්ධව පැමිණිල්ලක්