IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තරුණයාගේ කකුල් දෙක දුම්රිය උදුරගනී

(ඩී.ජී.සුගතපාල)

කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය  පවසයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමග මගින්ගේ තෙරපිමත් සමග පාපුවරුවේ පැමිණ ඇති ඔහු දුම්රියෙන් ඇදවැටි ඇති බවය.

දුම්රිය නතර කිරිමත් සමග  එහි සිටි පිරිස ඔහු දුම්රිය වේදිකාවට ගෙන ඇතත් ඒ වනවිට ඔහුගේ පාද දෙකම සම්පුර්ණයෙන්ම වෙන්වි තිබින.පසුව 1990 ගිලන් රියකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙනයන ලදී. 



අදහස් (8)

තරුණයාගේ කකුල් දෙක දුම්රිය උදුරගනී

Samitha S. Aluthgamage Tuesday, 11 April 2023 09:42 PM

මේ රටේ දුම්රිය සේවය කිසි කමකට නැහැ.මගීන්ට දුම්රියේ හිටගෙන යන්නවත් බැහැ.මේ රටේ නීතිය අනුව ගවයන් ප්‍රවාහනයේදීත්,එම සතුන්ට හිංසා වෙන ආකාරයට ප්‍රවාහනය තහනම්.මරන්නට ගෙනියන සතුන්ට තියෙන නිදහස හෝ දුම්රිය මගීන්ට නැහැ.ඒ වගේම,හැමදාම දුම්රිය පීලි පනිනවා.තාමත් තියෙන්නේ, සුද්දන්ගේ කාලේ ගෙන්වූ දුම්රිය මැදිරි.හොඳටම කසිකබල් වෙලා.මේ යල්පැන ගිය පෙට්ටි ඉවත්කොට මගීන්ට හොඳ පහසුකම් සපයන්න ලංකා රජයට හෝ දුම්රිය දෙපාර්තේන්තුවට බැහැ.වැඩිපුර දුම්රිය ධාවනයේ යෙදවීමට දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් නැහැ.කෙටියෙන් කිවහොත්,මේ දුම්රිය සේවය තවදුරටත් මේ රටට සේවයක් නොවෙයි.පිටරට හොඳ සමාගමක් වෙත මෙය විකුණා දැමීම වරදක් නොවේ. එසේ වුවහොත්,ඒ මිනිසුන් ඒ රටවල මෙන් හොඳ දුම්රිය සේවයක් අපටත් ලබාදේවි.දුම්රිය සේවකයන්ගේ හෝ රජයේ හෝ වූර්ථීය සමිති කාරයන්ගේ පැවැත්මට වඩා දුම්රිය මගීන්ට අවශ්‍ය වනුයේ,පහසුවෙන් ගමන් බිමන් යාහැකි දුම්රිය සේවයකි.

:       9       157

DhamithWednesday, 12 April 2023 09:12 AM

අනිවාර්යෙන්. මේක නිකන් යුරෝපේ එක්දාස් අටසිය ගණන්වල සේවයක් වගේ. එන එන දේශපාලුවන් මේකට සේවකයින් පුරවනවා.. තමන්ට ඡන්දෙට වැඩ කරපු අයගෙන්. මේකෙ සේවකයෝ ඕ.ටී. දාලා ගෙදර ගිහින් නිදියනවා. ලක්ෂයකට වඩා පඩි ගන්නවා... සුලු සේවකයෝත්... කමක් නෑ. ඒත් වැඩක් නොකර පඩිගන්න එකයි ප්‍රශ්නේ... කෝච්චිය ගත්තු දවසේ ඉඳලාම හෝදන්නේ නෑ. වීදුරු වලින් එලිය පේන්නේ නෑ. අවුරුදු 5කට විතර පස්සේ දූවිලි පිහිදන්නේ ඉදලෙන්... හොඳ ඇඳුමක් ඇඳන් නම් ගමනක් යන්න බෑ...

:       1       37

Nimal Shantha Thursday, 20 April 2023 06:30 AM

මේවගේ අනතුරු දුම්රිය දෙපාර්තමේන්තුව වරදින් සිදුවෙනවා නම්....එයට විරුද්ධව වන්දි නඩුවක් දාන්න ඕන.,.. කිසිම සැලකිල්ලක් නෑ මගීන් ගැන... සමහර දුම්රියන් වැස්සට තෙමෙනවා.... නමුත් දුම්රිය ගාස්තු ලොකු ගානකින් වැඩි ක.ලා..

:       0       5

Senaka Wednesday, 12 April 2023 09:05 AM

වෙන රටවල්වල දුම්රිය මැදිරියයි, වේදිකාවයි එකම මට්ටමේ තියෙන්නේ... මිනිහෙක් තියා පූසෙක්ටවත් වැටෙන්න ඉඩක් නෑ. ලංකාවේ ඒ පරතරේ අඩියක් විතර තියෙනවා. අනිත් එක පඩි නැගලා ඕන වේදිකාවට ගොඩවෙන්න. මේවා ඉක්මනට හදන්න ඕන දේවල්... අනිත් එක මැදිරියකට නගින්න ගියාම මිනිස්සු පෙරලගෙන නගින්න එන්නේ... පෝලිමක් හදවලා ඒ පිළිවෙලට නගින්න හදවන්න ඕනෑ.

:       0       24

Athula Wednesday, 12 April 2023 02:31 PM

තව කී දෙනෙක් බිල්ලට දෙනවාද? බලධාරින්ගේ ඇස් ඇරේවා...!

:       2       19

sugathWednesday, 12 April 2023 06:52 PM

පා පුවරුවේ ගමන අවදානම් බව දුම්රිය මගීන්ට අවබෝධ වෙත්වා!

:       1       4

ලංකාපුත්‍ර Thursday, 13 April 2023 07:16 AM

කල්පනා ශක්තියක් නැතුව නිර්මාණ හැකියාවක් නැත්නම් ඇස් තිබුනා කියලා වැඩක් නැහැ ඕවායේ ඉන්න වැඩිම පිරිසක් දේශපාලන අතකොලු උන්දැලා බලන්නෙ තමාත් කුස පුරවාගෙන යාලු පාලුවත් සතුටු කරන්න හැකිවෙන්නෙ කොහොමද කියලා තමයි.

:       0       7

Thushi Thursday, 20 April 2023 09:28 AM

දුම්රිය සේවය වෙනදාටත් වඩා සවුත්තුය. විමසුම් අංශයෙන් වැඩක්ම නැත....ඔවුන් බලන්නේවත් නැතිව නිකම්ම නිකන් ඉඳගෙන බලන් ඉන්නවා

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site