IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

අයුතු ලෙස නිවසකට ඇතුළුවී  අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.

නැගී එන දේශපාලන පක්ෂයකින්  ලග්ගල ප්‍රාදේශීය  සභාව සඳහා තරඟ කරමින් සිටි අපේක්ෂකයෙකු ඊයේ (03)  පස්වරුවේ මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට හෝරා  කිහිපයක්  තිබියදී නිවෙස් වලට ගොස්   ඡන්දය ඉල්ලීම සඳහා යන අවස්ථාවක දි මෙම ලිංගික අතවරය සිදු වී ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන්ය.

මීට අමතරවල පොලිසියට ලද තොරතුරක් මත   පෝස්ටර්  650 ක්   ළඟ තබාගෙන  සිටි පළාත් පාලන මැතිවරණය සදහා  ඉදිරිපත්ව  අපේක්ෂකයන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇප මත මුදාහැරි බව ලග්ගල පොලීසිය සඳහන් කළේය.



අදහස් (7)

තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට

Nimal Sunday, 04 May 2025 10:30 AM

පොහොට්ටුවේ හරි යූ.එන්.පී... හරිනම් තමයි...

:       0       0

sachith Sunday, 04 May 2025 10:31 AM

නැගී එන රොටි පක්ෂයේ, මෙයාලා ඉතින් පොහොට්ටුම තමයි.

:       0       0

Kamal Koyrala Sunday, 04 May 2025 10:55 AM

පදක්කම් ලාභියෙක්...

:       0       1

Akila Sunday, 04 May 2025 11:48 AM

නැගී එන කියන්නේ අයෙමත් රොටියගේ ගෝලයෙක්ද? මේකා මාරම සාමාජිකයෝ ටිකක් නේ හොයාගෙන තියෙන්නේ...?

:       0       1

රනේ Sunday, 04 May 2025 12:44 PM

ඡන්දෙ දුන්නාට පස්සේ අත්සන් කරලයි වැඩට බහින්න ඕන. මොකක්ද මේ කලබලේ..?

:       0       0

කුකුල් චමින්ද Sunday, 04 May 2025 08:19 PM

යෝගා, ගුණපාල, ප්‍රසන්න, මැක්ස්, වත්සි, පජ්, ආදී ප්‍රභූන් සාමාජිකත්වය දරණ පක්ෂ අපේක්ෂකයෙක් වෙන්න ඇති...

:       0       3

ලූට මූස් Sunday, 04 May 2025 09:53 PM

නැගී එන ලක්ෂයක්ලු නේ, නැගීගෙන එනකොට එහෙම වෙන්න පුළුවන් තමා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 509 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site