IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණියකගේ සිරුර ලැඟුම්හලේ නාන කාමරයේ එල්ලෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තරුණයෙකු සමග රක්වාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් සිටි ඔහුගේ පෙම්වතිය බව කියන විසි දෙහැවිරිදි  තරුණියකගෙ සිරුර එම ලැගුම්හලේ කාමරයක පිහිටි  නාන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයා ගන්නා ලදැයි රක්වාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රක්වාන   ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණියකි.

රක්වාන ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයකු ඔහුගේ පෙම්වතිය බව කියන මෙම විසි දෙහැවිරිදි තරුණිය ද සමග සමග ත්‍රිරෝද රථයකින් රක්වාන, පනාවල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගොස්එහි කාමරයක් වෙන්කර ගෙන ගත කර ඇති බවරක්වාන  පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම තරුණයා තරුණිය එම කාමරයේ තබා දිවා ආහාරය ගෙන ඒමට  පිටව ගොස් යළි පැමිණ අවස්ථාවේ පෙම්වතියබව කියන තරුණිය නානකාමරයේ එල්ලී සිටින අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

මෙම තරුණිය  ඇඳ සිටි ඇඳුමේ කොටසකින්  නානකාමරේ එල්ලී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

තරුණයා මේ බව ලැගුම්හලේ ලැගුම්හලේ සේවකයින්ට දන්වාපඑම සේවකයින් ගේද සහාය ඇතිව ඇය කහවත්ත රෝහලට රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා තරුණිය මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලීසිය කියයි.

මෙම තරුණිය එල්ලී සියදිවි නසා ගත්තේ ද එසේත් නැත්නම් අපරාධයක් සිදුකර ඇත්දැයි යන්න සොයාගැනීමටමෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා රක්වාන  පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 



අදහස් (1)

තරුණියකගේ සිරුර ලැඟුම්හලේ නාන කාමරයේ එල්ලෙයි

මරා... Wednesday, 05 July 2023 11:31 AM

හ්ම්... පොලීසිය හොයාගනී...

:       11       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site