IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘තර්ජන නැති ප්‍රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට‘

(සුජිත් හේවාජුලිගේ )

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්   ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන්  සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින්  ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා රාජ්‍ය බුද්ධි සේවයට  පසුගිය සතියේදී දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා පැවසුවේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයට ලබාදී ඇති පොලිස් නිලධාරීන්  ළඟදීම ඉවත් කිරීමට කටයුතු කරන බවයි

ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් නොමැති පුද්ගලයන්ට මේ ආකාරයට පොලිස් නිලධාරීන් පන්දහසකට ආසන්න පිරිසක් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ තත්වය හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය  රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ බරපතළ  හිඟයක් මතුව ඇතැයි වාර්තා වේ.



අදහස් (8)

‘තර්ජන නැති ප්‍රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට‘

පිටරටවැසියා Sunday, 17 March 2024 12:27 PM

හොරා නොකා රටට හරියට වැඩක් කරනවා නම් මොන තර්ජනද?

:       1       29

ravin Sunday, 17 March 2024 12:29 PM

තර්ජන? අපි දන්නා තරමින් නම් තර්ජන අයිති වන්නේ නොකටයුතුකම් කරන උදවියට මිස තම යුතුකම් කොටස මැනවින් කරන අයට නොවේ. පැරැණි දේශපාලකයින්ට කිසිදවසක මහජන තර්ජන තිබුණේ නැත. ඇමැතිවරු, අගමැතිවරු තම මෝටර් රථය තනිවම ධාවනය කළ බවට ඇතිතරම් සාක්කි සොයාගත හැකිය.

:       1       24

Jagath Sunday, 17 March 2024 01:45 PM

අනේ පව්, තව ටික දවසේනේ? ඔය දින කීපයත් හොඳට ආරක්ෂාව දීලා කට්ටියම තියාගන්න...

:       7       14

Prabha Sunday, 17 March 2024 03:11 PM

කාටද මේ ප්‍රභූ කියන්නේ..? හොරුන්ට කියන තවත් නමක්ද?

:       1       17

sachith Sunday, 17 March 2024 07:08 PM

ආටක, නාටක අලුත්ම කොටස...!

:       0       8

විජිත් Sunday, 17 March 2024 10:27 PM

ප්‍රභූන් ? එහෙම කට්ටියක් ලංකාවේ ඉන්නවාද ? නැහැ !!! ඒ නම තමන්ට ආරුඩ කරගත් හොරු, මිනීමරුවෝ , ස්ත්‍රී දුෂකයින්, කොමිස් කාරයින්, පාගා කාරයින්,කප්පන් කාරයින් ...වැනි සමාජ දුෂකයින් කට්ටියක් නම් ඉන්නවා. උන් කරන වැඩ වලට සමාජයෙන් තර්ජන තියෙනවා.කොටින්ම උන්ට පාරේ බැහැලා තනියම යන්න බැහැ ,මිනිස්සු උන්ව සම්බෝල හදන්න බලාගෙන ඉන්නවා.හැබැයි....ජාතික ජනබලවේගයේ රජයක් පත්වුන වහාම ඒ හොර ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉබේම අහෝසිවෙලා යනවා. වෙන රටකට යන්නත් බැහැ - කිසිම රටක් උන්ව ගන්නේ නැහැ.තව මාස කිහිපයකින් ඒ සුන්දර කාලය ලංකාවට උදාවෙනවා ...!!!

:       1       2

Perera Monday, 18 March 2024 06:17 AM

එහෙම කලොත් බොහෝ දෙනෙක් මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙනවා.

:       1       1

චින්තක Monday, 18 March 2024 11:10 AM

මැතිවරණය අවසන් වෙලා ජයග්‍රහණය කලොත් ආරක්ෂක නිලධාරින් අනවශ්‍ය අයට පමණක් නාමයෝජනා දීමට නීතියක් වහාම සැකසීම කළයුතුයි. අපේ ඡන්දය ලබාගෙන ජනතා මුදලින් පවුලේ අයට තනතුරු දෙමින් සියලු පුද්ගලික කාර්‍යාල හා සේවකයින් යොදාගෙන තියෙනවාට අමතරව ආරක්ෂක නිලධාරින් යෙදවීම ජනතා අවශ්‍යතාව නොවෙයි. එනිසා අත්‍යාවශ්‍යම කීප දෙනෙකුට හැර අනෙකුත් අයගේ කණවැල ඇල්ලීම වගේ දේවල් සඳහා යොදා තියෙන නිලධාරි සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න ඕනෑ... මම උදාහරණයක් කියන්නම්... දවසක් මම අපේ අමාත්‍යාංශයේ සහකාර ලේකම්ලා දෙදෙනෙක් සමග රාජකාරි ගමනක් ගොස් එද්දී අතරමග කොස්තාපල් කෙනෙක් වාහනයට අත දැම්මා මේ මනුස්සයා ගියේ දේශපාලුවෙකුගේ නිවසේ මුර වැඩේට කියලා. කෙනෙකුට දුන්නු ඇමතුම අනුව තේරුණා සාමාන්‍යයෙන් රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරි තිදෙනෙක් සිටිද්දී කොස්තාපල් කෙනෙකුට බලය පෙන්නන්න හැකියාව නැහැ. නමුත් රියදුරු බිය නිසා වාහනය නතරකර ගත්තා. ඒත් එයාට වාහනයේ ඉදිරි ආසනයත් අවශ්‍ය බවකුත් පෙන්නුවා... ඉතින් මෙහෙම වැඩකරන අයට ජනතා මුදල් නාස්තිය බලවත් අපරාධයක් නිසා ඇමැතිතුමා ගත් තීරණය අගය කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site