IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි

(යොහාන් භාසුර)

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මහනුවරට ගොස් ඇති බව වාර්තාවේ.

තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව ද දැනගන්නට තිබේ.

චෝදනාව එල්ල වී ඇති ඉන්දීය ජාතිකයා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමක අයිතිකරුවකු බවත් ඔහු විසින්ම අදාළ ක්‍රීඩකයාට තරග පාවාදීමට යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.

මහනුවර බලා පිටත්ව ගොස් ඇති පොලිස් කණ්ඩායමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ඉහලතම නිලධාරීන් ද එක්ව සිටින බවත් ඊට අමතරව තවත් නිලධාරීන් කණ්ඩායමක් අද (11) රාත්‍රියේ මහනුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවත් වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයට විදේශ ක්‍රීඩකයෝ 30 ක් පමණ ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන 'ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා දක්වා පැවැත්වේ.

Reply Forward Add reaction



අදහස් (1)

තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි

B Amarasinghe Thursday, 12 December 2024 06:31 AM

තරඟ ඇල් මැරිලා වගේ. අපේ ක්ලබ් මැච්වලටත් ප්‍රචාරය දෙන espn වත් මේකට ප්‍රචාරය දෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 159 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 50 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 241 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 122 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 229 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 109 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 975 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1431 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site