මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන විස්තරයකි මේ.
නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය සහ මල්ලි යනු නෙතලිගේ පවුලේ අනෙක් උදවියයි. පාසලේ පැවැති කටයුතුවලට අමතරව මෙවැනි සුරූපිනියන් තේරූ තරගයකට ඇය සහභාගි වී ඇත්තේ පළමු වතාවටය. මාතර සිට කොළඹ ඇවිත් මේ තරගයට ඉදිරිපත් වුණේ තම නැන්දනිය නිසා යැයි ඇය සිහිපත් කරන්නීය.
”මගේ නැන්දා රූපලාවන්‍ය ශිල්පිණියක්. නැන්දාගේ වුවමනාවට තමයි මම මේ තරගයට අයදුම් කළේ. මේ වෙනුවෙන් මාව උනන්දු කළ නැන්දා, මා එක්ක කීප වතාවක්ම කොළඹත් ආවා. ඉන්පස්සෙ අම්මයි තාත්තයි එක්ක තමයි පසුගිය වසර පුරාම කොළඹ ආවේ.”

ඒ අවුරුද්ද පුරා වෙච්ච සිදුවීම් ගැන සිහිපත් කළොත්?
”ඇත්තම කිව්වොත් ජීවිතයේ කවදාවත් මුහුණ නොදුන් දේ වලට මුහුණ දුන්නා.”
”මේ තරග අවස්ථාවට දායක වීමට ලැබීමම හරියට සරසවියකට ඇතුළත් වුණා වගේ දෙයක්. බොහෝ දේ ගැන ඉගෙන් ගන්න, අත්දැකීම් ලබන්න, පර්යේෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, ඒ වගේම ප‍්‍රායෝගික වෙන්න අවස්ථා ලැබුණා. ඒක ඇත්තටම මට මගේ ජීවිතයේ ලැබූ ලොකුම අවස්ථාවක්.”
කෙසේ වෙතත් මේ සියලූ දේ අවසන ඔබට මුදල් ත්‍යාග ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමි වුණා. එහෙම නේද?
”ඇත්තමට මුදල් ත්‍යාග ලැබුණා තමයි. නමුත් මුදලට ගත නොහැකි වූ අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලැබුණා.”
මොනවද දැන් මේ ලැබුණු මුදලට කරන්නෙ?
තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඒ සියල්ල වැය කරාවී.
මේ තරගයට එද්දි, ඔබට මේ වගේ තැනැක් ලැබේවි කියලා හිතුවද?
ඇත්තටම මේ තරගයට පැමිණි මුල් අවස්ථාවේදීම හරිම පුදුම වැඩක් වුණා.
මෙවර මේ සිරස කුමරිය තරගවටය මුලින්ම ආරම්භ වුණාම පළවැනි වටයේ පළවැනි තරගකාරිය වුණේ මමයි. ඒ කියන්නෙ තරගය පටන් ගත්තෙ මගේ අවස්ථාවෙන්. එදා මම ලස්සනට හැඩවෙලා හිටියා කියලා ඔක්කෝමලා කිව්වා. එදා ඒ විදියට විනිශ්චය මඩුල්ලේ ප‍්‍රතිචාර ලැබූ මම අන්තිම මොහොත දක්වා පෙනී සිටියා. ඒ කියන්නෙ සිරස කුමරිය කිරුළ ලබමින් තරගය අවසන් වුණෙත් මගෙන්. ඒක ඇත්තටම හරි පුදුම අවස්ථාවක් වුණා.
දැන් මේ එක්කම මොනවගේ අවස්ථාවද ඔබට ලැබී තිබෙන්නෙ?
දැන්වීම් සහ ප‍්‍රාසාංගික නිර්මාණ නිෂ්පාදන ආයතන බොහොමයකින් වගේම ටෙලි නාට්‍ය අංශයෙන් හොඳ මාවතක් විවර වුණා.
ඔබ ඒ මාවතේ මොන විදියට යන්නද අදහස් කරන්නෙ?
මට මගේ ගැන හොඳ ආත්ම විශ්වාසයක් තිබෙන්නෙ. ඒ වගේම තව කෙනෙකුගේ අදහස්වලට සවන් දීමට තරම් මම ඉතා නිහතමානියි. අනෙක් අය වටහා ගැනීමටත්, ගරු කිරීමටත් මම සූදානම්. ඒ සියලූ දේ නිසා නිර්මාණාත්මක වූ බොහෝ දේ කරන්න අවකාශය ලැබේවි කියා හිතනවා.
රූපවාහිනී නිවේදිකාවක වීම මට එදා ඉඳලා තිබුණු සිහිනයක්. ඒ අතරේ අනෙක් අංශ හදාරන්නත් කැපවෙනවා.
දැන් මාතර අත්හැර කොළඹට එන්න සූදානම්ද?
”පොත් කියවීම” ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය නේද?
ඇත්තෙන්ම ඔව්. පොත් කියවීමට මම හරි ආසයි.
සිරස කුමරිය (2015) වීම නිසා අද ඔබට වැඩි දෙනෙක් ආදරය කරනවා ඇති. ඔබ ඔබගෙ ”ආදරය” ගැන කියන්නෙ කොහොමද?
හැමෝටම අත්‍යාවශ්‍ය හැඟීමක්. මටම වූ ආදරයක් ගැන තවම හිතලා නැහැ. ඊට වඩා මගේ ජීවිතයේ දුර ගමනක් මට පෙනෙනවා. ඒ අනාගතය වෙනුවෙන් දැනට කටයුතු කරන්න කැමතියි.
සාමාන්‍ය, හරි සරල කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක මිත‍්‍රශීලිව සිටින, පොළෙවෙ පය ගහලා ඉන්න තරුණියක්.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම