IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තුර්කියේ සංචාරය කරන්න එපා බහරේන රජය අනතුරු අඟවයි

Turky

 

තුර්කියේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම සංචාර කල්දමන ලෙස හෝ ඉන් වළකින ලෙසට බහරේන රජය අනතුරු අඟවයි. පසුගියදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර අටාටුර්ක් ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.


අයිඑස් ත්‍රස්තයන් විසින් සිදුකළ බවට සැකකරන මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 41 දෙනෙකු මියගොස්, 240 ක පිරිසක් තුවාල  ලබා ඇති අතර මියගිය පිරිස අතර බහරේන වැසියන් කිසිවෙක් නැත.


විශේෂයෙන්ම තුර්කිය යනු ගිම්හාන මාසවලදී ගල්ෆ් කලාපයේ අරාබි ජාතිකයන් අතර අතිශයින්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.


ඊද් අල් ෆීතර් උත්සවයට සතියකට පෙර යුරෝපයේ තෙවැනි කාර්ය බහුල ගුවන් තොටුපොළට එල්ල වූ මෙම ප්‍රහාරය තුර්කියට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් බරපතළම ප්‍රහාරය ලෙසින් සැලකෙයි. තුර්කිය අයිඑස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය විසින් ආරම්භ කර ඇති සටනේ සාමාජිකයෙක් ද වෙයි.


තුර්කිය මේ වන විට මූලධර්මවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇති නිසා තුර්කිය වෙත සූදානම් කර තිබූ ගිම්හාන සංචාර කල්දමන ලෙස හෝ ඒ වෙනුවට වෙනත් රටක් තෝරාගන්නා ලෙසට බහරේන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු, ආරක්ෂක සහ ජාතික ආරක්ෂාව සඳහා වන කමිටුවේ උප සභාපති ජමාල් බුහාසාන් ඉල්ලීමක් කරයි.


“මේ වසරේදී තුර්කියට ප්‍රහාර කිහිපයක්ම එල්ල වුණා. තුර්කිය මේ වන විට මූලධර්මවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වෙලා” යැයි බුහාසාන් පවසයි.


“ඒ නිසා බහරේන ජාතිකයන් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම තුර්කියේ සංචාරය කරන එක ටික කාලයකට කල් දැමිය යුතුයි” 


“ගිම්හාන සංචාර සැලසුම් කරලා තියෙන අයට මම කියන්නේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු තුර්කියට යන එක කල්දාන්න හෝ ඒ වෙනුවට වෙනත් රටක් තෝරා ගන්න කියලයි”


“කෙටියෙන් කියනවා නම්, දැන් තුර්කියට යනවා කියන්නේ ඔබේ ජීවිතය අනතුරේ හෙලනවා වගේ වැඩක්” යැයි බුහාසාන් අවධාරණය කරයි.
තුර්කියේ බහරේන තානාපති කාර්යාලයට අනුව ඉහත ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ පිරිස අතර බහරේන ජාතිකයන් කිසිවෙක් නැත.
“ප්‍රහාරයෙන් එකම බහරේන් ජාතිකයෙක් වත් මියගිහින් හෝ තුවාල ලබා නැහැ” බහරේන තානාපති කාර්යාලයේ ෆාටිහ් ගුනෙයි පවසයි.



අදහස් (0)

තුර්කියේ සංචාරය කරන්න එපා බහරේන රජය අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 573 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 329 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site