IMG-LOGO

තායිලන්තයේ සෞඛ්‍ය ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් වදින මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ.
 
තායිලන්තය මේ වනවිට වයිරසයට ඒරෙහිව ලබාගෙන ඇති සාර්ථකත්වයට ස්වෙච්ඡා සේවකයින්ගෙන් ලැබුණු දායකත්වය මහත් පිටිවලක් වූ බව ලෝක සෞඛය සංවිධානය පවසයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තායිලන්තයේ ස්වෙච්ඡා සේවකයින් "ප්‍රශංසා නොලැබූ වීරයන්" බවයි.
 
චීනයෙන් පසු පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ තායිලන්තයේ වුවත් ඒතැන් සිට මේ දක්වා තායිලන්තයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 3,000ක් සහ මරණ 58ක් පමණි.

කොවිඩ් - 19 වැළැක්වීම, රෝගීන් හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සඳහා ස්වෙච්ඡා සේවකයින්ගෙගේ නොමද සහාය ලැබුණු බව තායිලන්තයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ඩැනියෙල් කර්ටෙස් පවසා තිබේ
 
උෂ්ණත්ව පරීක්ෂාවන් සිදුකිරීම, දෛනික සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම සහ රෝගය පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ද මෙම ස්වෙච්ඡා සේවකයන් රජයට උදව් කරයි.
 
1977 වර්ෂයේදී මෙම ග්‍රාමීය ස්වෙච්ඡා සේවය නිර්මාණය කර තිබේ.
 
මොවුන්ට මූලික සෞඛ්‍ය පුහුණුවක් ලබාදෙන අතර බොහෝ දුර බැහැර ප්‍රදේශවල මූලික ප්‍රතිකාර හා මූලික රෝග විනිශ්චයන් ලබා දීමට යොදවනු ලැබේ.
 
කුරුළු උණ හා H5N1 වැනි වසංගත තත්ත්ව වලදී ද මෙම ස්වේච්ඡා සේවකයින් සාර්ථක දායකත්වයක් ලබා දී ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

තායිලන්තයේ සෞඛ්‍ය ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site