IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


තායිලන්තයේ 'වැනීසිය'

2016-10-02-ent-65

ඉතාලියේ ඊසාන දිග ප‍්‍රදේශයේ අගනගරය වන වැනීසිය ලොව අතිශය සුන්දරම නගරවලින් එකක් ලෙස හැඳින්වේ. ආද්‍රියාතික් මුහුදු කලාපයට අයත් කළපුවක් වැනි කොටසක් කේන්ද්‍ර කර ගනිමින් බිහිව තිබෙන වැනීසිය ලොව සුන්දරම සංචාරක පාරාදීසයක් ලෙස ප‍්‍රකටය.

2016-10-02-ent-62ඉපැරැුණි රෝම ශිෂ්ඨාචාරයට හිමිකම් කියන ගොඩනැගිලිවලින් සමන්විතව පිහිටා ඇති මෙම නගරයේ ගොඩබිම් මාර්ග නොමැති අතර සියලූම ප‍්‍රවාහන කටයුතු සිදුවන්නේ ජල මාර්ග ආශ‍්‍රිතවය.

සංචාරකයින්ට අපූර්වතම අත්දැකීමක් අත්කර දෙන සුන්දර වැනිස් නගරයේ සුන්දරත්වය විඳීම සඳහා ඉතාලියට යාම එතරම් පහසු කරුණක් නොවේ.

නමුත් අද එම සුන්දර නගරයේ සුන්දරත්වය බිඳකින් හෝ අඩුවක් නොමැතිව දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් තායිලන්තයේ සංචාරය කරන සංචාරකයින්ට හිමි වී තිබේ.

තායිලන්තයේ බැංකොක් අග නගරයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරක් ගිය විට සුප‍්‍රකට සංචාරක පුරවරයක් ලෙස හැඳින්වෙන හුවාහින් ප‍්‍රදේශයේ ඉතාලියේ වැනීසිය ඒ ආකාරයෙන්ම ඉදිකර තිබේ.

තායිලන්තයේ චාම් දිස්ත‍්‍රික්කයට අයත් හුවාහින් නගරය එරට ප‍්‍රධානම සංචාරක මධ්‍යස්ථානවලින් එකක් ලෙස හැඳින්වේ. මුහුදේ කලපුවක් වැනි කොටසකට මායිම්ව පිහිටි හුවාහින් නගරයට අද විදෙස් සංචාරකයින් අද්දවන ප‍්‍රධානම සංචාරක මධ්‍යස්ථානයක් බවට වැනිස් නගරය පත්ව අවසානය.

”ද වැනිසියා” නමින් හැඳින්වෙන මෙම සංචාරක මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම කලාවෙන් පිරීගිය අපූරු කලාගාරයක් කිවහොත් එය නිවැරදිය. නෙත සිත පිනවන විවිධ වර්ණ සංකලනයන්ගෙන් පිරීගිය සුන්දර කලාකෘතින් අතරෙහි සැරිසරමින් ලැබිය හැකි ආශ්වාදය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

බැංකොක් නුවර සිට අධිවේග මාර්ගයේ ගමන් කළද හුවාහින් වෙත යාමට අවම වශයෙන් පැය තුනකට වැඩි කාලයක් ගතවේ. එවැනි දුරක් ගෙවා මෙම අපූරු සංචාරක මධ්‍යස්ථානය නැරඹීමට තායිලන්තයේ සවාරි සංචාරක සමාගමේ විධායක අධ්‍යක්ෂ නාලක කරුණාකලගේ මහතා අපව රැුගෙන ගියේ වැනීසියේ අපූර්වත්වය මඳකින් හෝ රසවිඳීමේ අවස්ථාව අපට ලබා දීම සඳහාය.

අක්කර දහයකට ආසන්න විශාල භූමියක් පුරා පැතිර ඉදිකර තිබෙන වැනීසියා නගරය සංචාරකයින් අතර වඩාත් ප‍්‍රචලිත ඡුායාරූප ගැනීමේ සුන්දර ස්ථානයක් ලෙසය. මේ වනවිට මෙය ඉදිකර ගත වී ඇති කාලය වසර තුනකි. නමුත් ඊට එහා ගිය ප‍්‍රසිද්ධියක් මේ ස්ථානයට හිමි වී තිබෙන්නේ එහි අඩංගු අපූරු කලා නිර්මාණ සමඟ ඒවාට ලබා දී ඇති අපූරු වර්ණ සංකලනයන් නිසාමය.

ජීවමාන වර්ණ ලොවක සැරිසරන්නාක් මෙන් අපූර්වතම හැඟීමක් එහි ගත කරන පැය තුන හතරක කාලය තුළ සංචාරකයින්ට අත්විඳීමට ලැබේ. දකින දකින අත පැරැුණි රෝම නගරයකට උරුම වූ ගොඩනැගිලිය. විවිධාකාරයේ මූර්ති කැටයම්ය. තවත් පසෙක වැනීසියේ වීදිය. එක් වීදියක ඇවිදයන බැටළු රංචුවක මූර්තිය.

මෙහි එක් පසෙක තිබෙන රෝමියෝ ජුලියට් ප‍්‍රතිමාව තම ආදරයේ සංකේතය කර ගනිමින් එම ප‍්‍රතිමාව ඉදිරිපිටට වී වැළඳ ගෙන සේල්ෆි ඡුායාරූප ගන්නා විවිධ රටවල තරුණ පෙම්වතුන්ද මෙහි සුලබ දසුනකි.

එසේම මෙහි ඇති ත‍්‍රිමාණ චිත‍්‍ර සහිත කුටියද සංචාරකයින් තුළ දැඩි ආකර්ෂණයක් සහිත ස්ථානයකි. මෙම ස්ථානයට පැමිණෙන සංචාරකයින් මෙම ත‍්‍රිමාණ චිත‍්‍ර නිර්මාණ සමඟ ඡුායාරූප ගැනීමට දක්වන්නේ දැඩි කැමැත්තකි.

වැනිස් නගරයේ දක්නට ලැබෙන ආකාරයේ ජල මාර්ගයක්ද මෙම නගරයේ නිර්මාණය කර තිබෙන අතර, වැනීසියට ආවේණික වූ සම්ප‍්‍රදායික ”ගොන්ඩෝල” ලී ඔරුවක නැඟී ජල මාර්ගයේ සවාරියක් යෑමේ අවස්ථාවද සංචාරකයින්ට හිමිවේ.

මීට අමතරව ස්ථාන රැසක ප‍්‍රදර්ශනය කර තිබෙන විවිධාකාරයේ දර්ශනීය ඡායාරූප සහිත දැවැන්ත පසුතලවලින් ඡායාරූප ගැනීමද අපූරු අත්දැකීමකි. ලොව ප‍්‍රකට ඇඳුම් වර්ග ඉතා අඩු මිලකට මෙම ස්ථානයෙන් මිලට ගැනීමට ලැබීමද සංචාරකයින්ට ලැබෙන අමතර වාසියකි.

තම රටට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා තායි ජාතිකයින් විසින් කරනු ලබන මෙවැනි අපූරු නිමවුම් එරට සංචාරක ව්‍යාපාරය දිනෙන් දින ප‍්‍රවර්ධනය වීමට බෙහෙවින් ඉවහල් වී තිබෙන බව කිව යුතුය. මෙවැනි නිර්මාණ අපේ රටටද ආදර්ශ කර ගත යුතුය.

මේ අපුරු සංචාරක නගරය නැරඹීම සඳහා දැනට මෙරටින් යන සංචාරකයින් රැගෙන යන එකම සංචාරක නියෝජිතායතන සවාරි ට‍්‍රැවල්ස් පමණක් වන බැවින් මේ වැනීසියා නගරය පිළිබඳ වැඩි තොරතුරු "savaribavels.com" වෙඩි අඩවියෙන් ලබා ගත හැකිය.

 

සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න

 

2016-10-02-ent-64
2016-10-02-ent-63
2016-10-02-ent-61
2016-10-02-ent-60
2016-10-02-ent-59
2016-10-02-ent-58
2016-10-02-ent-57



අදහස් (0)

තායිලන්තයේ 'වැනීසිය'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site