(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා බලපත්‍රයක් ලැබෙනු ඇති බවත් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මීට පෙර මෙම අවස්ථාව රටවල් 57 සඳහා තායිලන්ත රජය ලබාදී තිබූ අතර එය රටවල් 93 දක්වා වැඩි කිරීමට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය කළ යෝජනාවක් මත පසුගියදා එරට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නේය.
එම ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් 36 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇති බවත් තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගෙන ඇති මෙම තීරණය හෙට(01) සිට ක්‍රියාත්මක වන බවත් එරට රජයේ ප්‍රකාශක චායි වචරොන්කේ පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘තායිලන්තයට යන ලාංකික සංචාරකයින්ට වීසා ඕන නෑ‘
de silva berlin Thursday, 30 May 2024 07:39 PM
තායිලන්තේ සංචාරක ව්‍යපාර දියුනු කරගන්න , යහමින් මුදල් වියදම් කරන සංචාරකයන් සිටින ලෝකයේ දියුණු බටහිර රටවලුත් ඇතුලත් රටවල් 93 කට නොමිලේ විස දෙනකොට , අපි විස දෙන්න ඩොලර් 100 බැගින් අය කරනවා ,හෝටලේ විදුලිස්ත්රිකෙන් රොටි පුච්චන් කන හිඟන සංචාරකයෝ එන රටවල් කීපෙකට පමණක් නොමිලේ විස දෙනවා , ලංකාවේ සංචාරක වියපාරේ සහ ආර්ථිකය දියුණු කරන්න නම් මේ ජනතාවරමක් නොමැති හොරු සෙට් එක ගෙදර යවන්න ඕනේ .
Bamunuarachchi Friday, 31 May 2024 04:57 AM
සංචාරක සේවය දියුණු කරන්න ජනවරමක් ඕනෙද ඇත්තටම. කොහෙද අධ්‍යාපනය ලැබුවේ? හැම මගුලටම දේශපාලනය ඈඳාගන්න එපා.
chandima Thursday, 30 May 2024 11:57 PM
ඒ රටවල් එහෙම නොමිලේ වීසා දුන්නට අපට මල්ලට ඒක කරන්න බැහැ තව අවුරුදු 10 ක් දොළහක් යනකල්.ලංකා ආණ්ඩුව සතයක් වත් නොගත්තත් පිට රට ගිණුම් වලට යන කප්පම් මුදල දිගටම ගෙවන්න වෙනවා
පිටිගල මිලානෝ Friday, 31 May 2024 08:44 AM
අවධානයෙන් ඉන්න. මහත්තුරු විටින්විට අතුරුදහන් වෙයි. එසේ වුනොත් පාස්පෝර්ට් එක බලන්න සීල් වැදිලාද කියලා… මම දැනුවත්ව බොහෝ ලාංකිකයෝ තායි පනිනවා දවසට දෙකට කම්සැප විදින්න…
de silva berlin Friday, 31 May 2024 10:10 AM
මෝඩ බමුණෝ ඩොලර් 50ට තිබුණු වීසා එක ඩොලර් 100 කරලා ඒකෙන් ඩොලර් 25 පිටරට සමාගමකට දෙන්න කටයුතු කළේ කැබිනට් මණ්ඩලේ අනුමැතිය අරන් නොවේද? ඒකේ ඉන්නේ දේශපාලකයෝ නොවේද? මේ කරපු මහ හොරකමට දේශපාලකයෝ ගාව ගන්නේ නැතුව ගාව දන්නේ කවුද?
Bamunuarachchi Saturday, 01 June 2024 08:11 AM
මෝඩ සිල්ල visa ගාස්තු වැඩිකරන්නේ ජනාධිපති නොවෙයි. ගාස්තු අඩු වැඩි කිරීමට ජනවරම අදාළ නැහැ...