
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 47 ක් වයසැති අයි ඩී එච් වත්ත , දඩල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද අලුයම නිවසට ඇතුළු වූ මුහුණ වසාගත් පුද්ගලයකු එම නිවසේ අඹු සැමි යුවළට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
එහිදී රෝහල් ගතකිරීමෙන් පසු නිවෙස් හිමියා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ එම පුද්ගලයාගේ බිරිද (45) සහ දියණිය(15) මෙ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි. සැකකරු පළාගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ