IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තඹුත්තේගමට එළවළුවලට ගිය කලක්

(දයාරත්න ඇඹෝගම)

එළවළු හා පලතුරු මිල පහත වැටි තිබුණ ද පාරිභෝගියන්ට ඒවා මිලදි ගැනිම සදහා මුදල් නොමැතිකම හේතුවෙන් ගොවියන්  තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු තොගයෙන් කිලෝ 50,000 අධික ප්‍රමානයක් මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩ යාය කුණු අංගනයට බැහැර කිරිමට සිදුව ඇතැයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.

මේ වන විට වට්ටක්කා කිලෝව රුපියල් 30.00 - 50.00 ත්,කැකිරි කිලෝව රුපියල්.10.00 - 15.00 ත්,අමුමිරිස් කිලෝව රුපියල්  250 - 300 ත්, බංඩක්කා කිලෝව රුපියල් 35.00 - 40.00 ත්, මෑකරල් කිලෝව රැ.100.00 - 120.00 දක්වා මිල පහත වැටි ඇති බවද සභාපතිවරයා පැවසිය.

 



අදහස් (5)

තඹුත්තේගමට එළවළුවලට ගිය කලක්

Haramanis Wednesday, 06 September 2023 02:46 AM

කවදාවත් හොඳක් දකින්න බැරි ශ්‍රී ලංකාවේ ගොවිතැන...

:       0       101

Nimesh Wednesday, 06 September 2023 07:37 AM

රටේ මිනිසුන්ගේ අතේ තිබ්බ සල්ලි ටික බංකොලොත් කරපු පොහොට්ටු ආණ්ඩුවයි පින්පති තුමයි හැම මාසෙම අරගන්නවා

:       0       82

Bunny Preena Wednesday, 06 September 2023 01:31 PM

කුණු අංගනයට බැහැර කරන එකනම් මහලොකු අපරාධයක්... වැඩිහිටි නිවාස, අනාථ දරුවෝ බලාගන්න සමහර පුණ්‍යායතනවලට, අසරණ පවුල්වලට ඒවා බෙදාහරින්න කවුරුහරි වැඩ පිළිවෙළක් සලස්වනවා නම් ලොකු පිනක්. අඩුම ගානේ එළවළු සුප් හදලා හරි බොන්න පුළුවන්නේ.

:       0       2

Lalla Wednesday, 06 September 2023 01:47 PM

ටිකක් හිතන්න. මේ අතිරික්ත වගාව නේද? කෘෂිකර්ම පර්යේෂණ ආයතනය නිදි... අධ්‍යයනයක් කරලා ඒ ඒ මාසය සඳහා අවශ්‍ය එළවළු, පලතුරු ප්‍රමාණය ගණනය කර වගාව පාලනය කළා නම් ගොවීන්ට සැමදාම හොර මිලකට විකුණන්න පුළුවන්. අනික පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය සහ කම්කරු කුලිය අවමකළ හැකියි. අතිරික්ත ඉඩම් සහ ගොවි කම්කරු ජනතාවට විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්න ඕනෑ. රජයක් තිබෙන්නේ ඒවාට නේද?

:       0       5

Latha Wednesday, 06 September 2023 03:22 PM

තව පුළුවන් තරම් පඩියෙන් බදු ගහලා රජයේ අනවශ්‍ය වියදම් කරන්න. එතකොට මිනිස්සුන්ට හොඳට බදු ගහන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site