IMG-LOGO

තෝමස් සහ ඌබර් බැඞ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලොව ප‍්‍රධානතම බැඞ්මින්ටන් තරගාවලියක් වන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී ශ්‍රී ලංකාව පරදවා තරග 5-0 ක ජයක් ලබා ගැනීමට ජපන් ක‍්‍රීඩකයෝ ඊයේ (14) සමත්වුහ. මෙම පරාජයත් සමග ශ‍්‍රී ලංකාවට තෝමස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, තායිලන්තය, ජපානය සහ කසකස්තානය තරග කළ අතර එහිදී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින තායිලන්තයට සහ ජපානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග 5-0 ක් ලෙස පරාජය විය. කාණ්ඩ හතරේ පළමු හා දෙවැනි ස්ථානය හිමිකර ගන්නා රටවල් දෙක තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි. ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන ඌබර් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තායිලන්තය, ඉන්දුනීසියාව, සහ කසකස්තානය යන කණ්ඩායම් තුනක් සමග තරග වදියි. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල ඉන්දුනීසියාව සහ තායිලන්තය හමුවේ තරග 5-0 ක් ලෙස පරාජය විය. චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා අංක එකේ ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ සිටින ජපන් ක‍්‍රීඩක ෂෝ සෂාකි හමුවේ (21/18, 21/8) පරාජය විය. නිලූක තායිලන්තයට එරෙහිව පැවැති තරග වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානයේ සිටින බොන්සාක් පොන්සනා ට තියුණු තරගයක් ලබා දුන්නේය. තරගයේ ලකුණු තත්ත්වය 21/18, 21/8, 22/20 ක් ලෙස සටහන්විය. නිලූක, බැඞ්මින්ටන් ලෝක සම්මේලන ශ්‍රේණිගත කිරීමේ 62 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා වන අතර ඔහු ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ඉක්ම වීමට ද සමත්ව සිටියි. මේ මස 19 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් අද (15) කසකස්තානයට එරෙහිව තරග කිරීමට නිය  



අදහස් (0)

තෝමස් සහ ඌබර් බැඞ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 223 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 112 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site