චීනයේ මැකාවෝහිදී පැවැත්වෙන 27 වැනි තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි බැඞ්මින්ටන් කණ්ඩායම් දෙක පෙරේදා (11) අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියහ.
රටවල් 14 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 237 ක් තරගවදින මෙම තරගාවලිය අද (13) සිට පෙබරවාරි 19 වැනිදා දක්වා චීනයේ මැකාවෝ රාජ්‍යයේ ෆෝරම් ක‍්‍රීඩංගනයේදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනෙක් මෙම සංචාරය සඳහා එක් වී සිටිති. ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම වෙනුවෙන් නිලූක කරුණාරත්න, ලසිත මේනක, ආර්. එස්. දහනායක, හසිත චානක, සංකල්ප ගුණවර්ධන සහ අමිල ප‍්‍රනාන්දු තරග වදින අතර චන්ද්‍රිකා ද සිල්වා, තිළිණි ජයසිංහ, තිළිණි ප‍්‍රබෝදිකා, කාවින්දි ඉෂාදිකා, ලේඛා ෂෙහානි සහ නදීශා ගයන්ති කාන්තා කණ්ඩායම වෙනුවෙන් තරග වදිති.
කණ්ඩායම් පුහුණුකරු ලෙස ධනුෂ්ක ප‍්‍රනාන්දු සහ කළමනාකරු ලෙස අමල් ඩයස් යන මහත්වරුන්ද සංචාරය සඳහා එක් වූහ.
බැඩිමින්ටන් තරගාවලි අතුරින් ඉතා වැදගත් ස්ථානයක් ගන්නා මෙම තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියේ පසුගිය වසරේ පිරිමි ශූරතාව චීනය විසින් දිනාගන්නා ලද අතර එහි අනුශූරතාව ඉන්දුනීසියාවට හිමිවිය. කාන්තා ශූරතාව කොරියාව විසින් දිනාගන්නා ලද අතර අනුශූරතා දීනයට හිමිවිය.
මෙම තරගාවලියේ ශූරතාව 13 වතාවක් ඉන්දුනීසියාව විසින්ද, 8 වතාවක් චීනය විසින්ද, 03 වතාවක් මැලේසියාව විසින්ද දිනාගනු ලැබ ඇත.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෝමස් - ඌබර් කුසලාන තරගාවලි දෙකට ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම් පිටත්ව යති