IMG-LOGO

තමිල්නාඩු මේසපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි දෙකකට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේස පන්දු තරගමාලාවක් අද සහ හෙට (10-11) ගල්කිස්සේදී සහ පේරාදෙණියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ ආරාධනයකට අනුව ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්ත මේස පන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. දෙරට අතර තරග දෙකකින් සමන්විත තරගමාලාවේ පළමු තරගාවලිය අද (10)පෙරවරු 9.00 සිට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. දෙවැනි තරගාවලිය හෙට (11) මහනුවර පේරාදෙණිය ජගත් රාජපක්‍ෂ අන්තර්ජාතික ගෘහස්ථ මේස පන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙම මස 23 වැනිදා මැකාවෝහිදී ආරම්භවන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තෝරා ගැනීම මෙම තරගාවලියේදී සිදු කරයි. සංචාරක තමිල්නාඩු පිලට ඉන්දීය ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලිය සහ ඉන්දීයාවේ පැවැති අන්තර්ජාතික තරගාවලිවලදී දස්කම් පෑ ක‍්‍රීඩකයන් තිදෙනෙක් සහ කී‍්‍රඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්වෙති. ඊ. ප‍්‍රභාකරන්, සුෂ්මිත් ශ්‍රීරාම්, එල්. සතිෂ්වාරන්, එන්. විද්්‍යා සහ කේ.කේ. නිර්මදා ඉන්දිය පිලට ඇතුළත්වෙති. සෙලීනා දීප්ති වයස 12 න් පහළ තරගාවලියට සහභාගිවෙයි. සුෂ්මිත් ශ්‍රීරාම්, තමිල්නාඩු පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන අතර ඔහු පසුගිය වසරේ ආසියානු කනිෂ්ඨ මේස පන්දු  තරගාවලියට සහභාගිවු ක‍්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා දීමේ අරමුණෙන් තරගාවලි දෙක සඳහා කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කර තිබේ. පළමු තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය: පිරිමි:- ඉන්දික ප‍්‍රසාද්, කේ.ටී.චලිත, සජිත් කාවින්ද, බුද්ධික වලගම්පොළ, උදය රණසිංහ සහ සුඛිත වික‍්‍රමනායක කාන්තා:- රුවිනි කන්නන්ගර, කාවින්දි සහබන්දු, ශ්‍රීමාලි විමලධර්ම සහ ශානිකා සිල්වා 12 න් පහළ (බාලිකා) :- හංසනී පියුමාලි, වී.මානවඩු, පියුමි දෙව්දුණී, ඉමාෂා ද සිල්වා දෙවැනි තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය: පිරිමි:- රොහාන් සිරිසේන, බී.එන්.බී.ජයසිංහ, දිනේෂ් දේශප‍්‍රිය, සජිත් ප‍්‍රියදර්ශණ කාන්තා:- ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන, උමායා තාරකී, චන්දිමා මධුෂානී 12 න් පහළ (බාලිකා) :- රෝෂිනී දහනායක, ලෝෂිනී ජයවර්ධන, තනූෂි රොද්‍රිගෝ,  ඕචිනී දිසානායක



අදහස් (0)

තමිල්නාඩු මේසපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි දෙකකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site