IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


තමන්ගෙ අවශ්‍යතාව තිබෙනවනම් රංගනය ඉගෙන ගන්න පුළුවන්

2016-10-12-ent-36

වේදිකාව, ටෙලිනාට්‍යය මෙන්ම සිනමාව තුළින් ප්‍රේක්ෂකයන් අතර තම අනන්‍යතාව තහවුරු කරගත් ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපනය. ඇය වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන සහ ඊට යොමුවන අය ගැන දැක්වූයේ මෙවන් අදහසකි.

2016-10-12-ent-37“පිටපතක් කලින් ලැබෙන්නෙ නෑ. ඒ ශිල්පියාට ඒ තිරපිටපත ගැන හැදෑරීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඉස්සර ටෙලිනාට්‍යයක් කරන කොට තිරපිටපත ශිල්පියාට ලබාදෙන්නෙ මාස දෙක තුනකට පෙර. එවිට පිටපත ගැන අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙම අවස්ථාවක් දැන් ඉන්න අයට ලැබෙන්නෙ නැහැ. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන්. ඒක නොකරන එකයි ප්‍රශ්නය. දැන් මුදලට ලොකු ඉඩක් දීලා තියනවා. ඉස්සර තරම් මුදලක් වර්තමානයේ ටෙලිනාට්‍යය කරද්දි ලැබෙන්නෙ නැහැ. හැබැයි ඒ ලැබෙන මුදල දෙගුණ තෙගුණ කරගැනීම සඳහා හැමදෙනාම හැල්මෙ දුවන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නෙ.

තමන්ගෙ අවශ්‍යතාව තිබෙනවනම් රංගනය ඉගෙන ගන්න පුළුවන්. ස්වයං අධ්‍ය‍යනය කළ හැකියි. විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව කියලා විෂයක් තියෙනවා. ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් පවත්වන පාඨමාලා තිබෙනවා. ඒ තුළින් අධ්‍යයනය ලැබිය හැකියි. එහෙමත් නැත්නම් අපිට අවශ්‍යනම් පරිණත පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන මේ ගැන දැනුම ලබාගන්න හැකියාව තිබෙනවා. මහේන්ද්‍ර පෙරේරා, කෞශල්‍යයා වගේම අයිරාංගනි සේරසිංහ මහත්මියත් ඉන්නවා. ඔවුන් මේ සඳහා දායක කරගත හැකියි. ඔවුන්ගෙන් වැඩක් ගන්නෙ නැහැ. නාට්‍යයකට දායක කර ගන්නවා පමණයි. එක්කෝ එවැනි මිනිසුන්ගෙන් වැඩගන්න මොකක්දෝ උද්දච්චකමක් තිබෙනවා. එහෙම නැත්නම් අපිට වෙලාවක් නැහැ.

අධ්‍යයනය කියන කාරණාව ගොඩක් අය අත්හැරලා තියෙන්නේ. ලෝක සිනමාව ගත්තත්, රංගනය සුවිශේෂ වූ ලෝක සිනමාවේ මහ දැවැන්ත නිර්මාණ තිබෙනවා. එවගේ නිර්මාණවත් බලන්නෙ නැහැ. ඒවා බලලා ඒ ගැන සාකච්ඡා කරන්නෙ නැහැ. ඒක නොකරන ප්‍රශ්නයක් නේද තියෙන්නේ. ඉස්සර ගාමිණී ෆොන්සේකා ගත්තත්, කැමරාවට දාලා තියෙන ලෙන්ස් එක පවා දන්නවා. ඒ දැනුම ඔහුට පමණක් නෙමෙයි, එකල බහුතරයකට තිබුණා. අද බොහෝ අය තමන් රංගනයේ යෙදෙන රූප රාමුවේ වර්ගඵලය කොච්චරක්ද කියන්න දන්නේ නැහැ.

 

නිදුක් මදුෂික

 

2016-10-12-ent-35
2016-10-12-ent-34



අදහස් (0)

තමන්ගෙ අවශ්‍යතාව තිබෙනවනම් රංගනය ඉගෙන ගන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site