IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තැපැල් ඡන්දය කල් දැම්මාට සජිත්ගෙන්⁣ දොස්

(නිමල කොඩිතුවක්කු) මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්‍රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇතැයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. “ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකෑමට ආණ්ඩුව විසින් ගනු ලබන නවතම නාඩගම කරලියට පැමිණ ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් වෙන් නොකිරීමට තීන්දු කිරීමෙනි. ජනමතයක් නොමැති ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී ඇති අතර, ඒ හේතුවෙන් මැතිවරණය කල් දමා ගැනීමට සිදු කරන කුමන්ත්‍රණ තවම අවසන්ව නැත. 22වන වතාවටත් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම උදෙසා තවත් බියගුළු වෑයමක් ගෙන තිබේ. මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් වන අතර, එය උල්ලංඝනය කිරීමට කිසිවකුට බලයක් නැති බව අවධාරණය කළ යුතුය. මැතිවරණ කල් දැමීමේ ආදීනව පිළිබඳව කුප්‍රකට ඉතිහාසගත සිදුවීම් අප රටක් ලෙස අවස්ථා රැසකදී අත්දැක ඇති අතර නැවත ඒ කළු සිදුවීම් වීමට තිබෙන සියලු මාර්ග වසා දැමිය යුතුය. මැතිවරණය කල් දැමීම උදෙසා කුමණ්ත්‍රණ කරන සියලුදෙනාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට සහ නීතිය ඉදිරියේ උපරිම දණුවම් ලබා දීමට අප නොපසුබටව කටයුතු කරන බව දන්වා සිටිම.



අදහස් (6)

තැපැල් ඡන්දය කල් දැම්මාට සජිත්ගෙන්⁣ දොස්

Aravida Monarawila Wednesday, 15 February 2023 08:12 AM

ඔයත් රෑට කෝල් කරලා ඡන්දෙ තියන්න එපා කියනවා විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වේ බොරුවට වෙන්න ඇති නේද?

:       1       5

sena Wednesday, 15 February 2023 08:34 AM

උන්මත්තක විපක්ෂය සහ ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව සහ තට්ටු මාරු දේශපාලනය අවසාන කිරීමට ඉදිරි ඉදිරි ජාතික මැතිවරණයේදී පෙන්වීමට පුරවැසියන් සුදානමින් සිටි.

:       9       15

චින්තක Wednesday, 15 February 2023 09:42 AM

කොමිසම කියන්නෙ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකල නිසා කල් දැම්මා කියලා ඡන්ද පපත්‍රිකා නැතුව චන්දය තියෙන්නෙ කොහොමද ඒක එහෙමයි කියමුකෝ ඒත් මෙයා කියන දෙයින් පේන්නෙ දේශපාලුවො කරන අලුගුත්තේරු වැඩ පැහැදිලි වෙනවා

:       5       23

fairoosWednesday, 15 February 2023 01:07 PM

බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ...!

:       0       0

විජිත් Wednesday, 15 February 2023 11:03 AM

මේපාරත් මෙයා පරදිනවා කියලා දැනගෙන හොරෙන් හොරෙන් ආණ්ඩුවට කිවේ නැතිද ' චන්දය කල්දාන්න ' කියලා. දැන් බොරුවට කෑගහනවා.මේ චන්දයෙන් ජාතික ජන බලවේගය 51% ගන්න බව ආණ්ඩුවේ බුද්ධි අංශ දැනටමත් ස්ථිර කරගෙන අවසන්.සජිත්ගේ පක්ෂය 28% ගන්නබවත් පොහොට්ටුවෝ මේ පාර 3 වෙනි තැනට වැටෙනබවත් රජය දන්නවා.එහෙමවුනොත් රනිලුත් ඉවරයි.ඒ නිසයි මේ චන්දය කල්දාන්න උත්සාහ කරන්නේ.අපි බලමු මොකද හෙට සිදුවන්නේ කියලා...

:       9       6

kamal Wednesday, 15 February 2023 02:54 PM

රෑ දනියෙල් දවල් මිගෙල්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site