IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘තැන තැන මාධ්‍ය සාකච්ඡා එපා‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් විවිධ ස්ථානවල දී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ අදහස් පළකිරීමෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිසුල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඇමැතිවරයා එලෙස කීවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට තම අදහස් පළ කිරීමට අවශ්‍ය නම් හෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය නම් පක්ෂ මූලස්ථානය ඊට යොදා ගත හැකි බව කී ප්‍රේමජයන්ත මහතා තම පක්ෂයේ මතයට අනුගත වෙමින් ඔවුන්ට අදහස් පළ කළ හැකි බව ද කීවේය.



අදහස් (0)

‘තැන තැන මාධ්‍ය සාකච්ඡා එපා‘

දිසා Thursday, 18 June 2015 04:33 AM

එතකොට අබයරාමයේ තියෙන්නේ මොන රැස්වීම්ද ...? (නදී)

:       0       0

කැනඩා දිසා Thursday, 18 June 2015 04:35 AM

සඳුන් අපි තවමත් පරණ ලොක්කට බයයිනේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 01:05 PM

අනේ මන්දා මේ මහත්තයා මේවා වෙනතුරු කොහේ හිටියද කියලා? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 01:27 PM

විනයේ පිරිහීමක් මෙතන තියෙන්නේ.ඕනෑම ආයතනයක සංවිධානයක විනයක් නැතිවිට එහි පැවැත්මට විශාල බාධාවක් වනු නියතය. (නි)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 06:11 AM

පක්ෂය ඇත්තේ පාක්ෂිකයන් ලඟද....නැත්නම් පක්ෂ මූලස්ථානේද ? (ම)

:       0       0

තිලකවර්ධන Thursday, 18 June 2015 06:20 AM

අපි දැන් හැමෝම එකමුතු වෙලා සිරිපාල මහත්තයට අවශ්‍ය සම්පුර්ණ සහය ලබා දිය යුතුයි. එතුමා එන මැතිවරණයේදී ජයග්‍රහණය කරවන්න සියලු නිදහස් පාක්ෂිකයන්ගේ සහය ලබා ගතයුතුයි. (ම)

:       0       0

නාලිනී Thursday, 18 June 2015 06:37 AM

ජනාදිපතිවරණේ දිනුවේ සිරිසේන. මහමතිවරණේ දිනන්නේ සිරිපාල. අන්තිමට එජාපයට හුලන්.(ම)

:       0       0

රොජර් Wednesday, 17 June 2015 01:53 PM

ඉසුරන්දි, කරුණාකර ඔබ කියන්න ලංකාවේ විනය ඇතුව වැඩකරන එක දේශපාලන පක්ෂයක නමක්. (නි)

:       0       0

සහන් Wednesday, 17 June 2015 02:13 PM

ඩබල් ගේම් ගහන සමහරු නිසා තමයි මේ ප්‍රශ්න (නි)

:       0       0

මිනිපෙ Wednesday, 17 June 2015 03:55 PM

තමන්ට හිතෙන දේ කතා කිරීමට නිදහස තිබිය යුතයි. මොන විනයද?. හරි වැරදි කතා කිරීමට නිදහස අවශ්‍යයි. (නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 17 June 2015 05:00 PM

එතකොට පන්සල් ගානේ තියන ඒවත් ඉවරද? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 10:54 PM

මේ අවවාදය දෙන්න ඕනෑ පරාජිතයා පිටුපස යන ගෝල බාලයින්ට නොවෙයි, පාක්ෂිකයින් මෙන්ම ජනතාවත් රවටමින් රටම වනසන්නන්ට. (නි)

:       0       0

සඳුන් Wednesday, 17 June 2015 11:13 PM

මිනිසුන්ට කතා කරන්න නිදහසක් තියෙන්න ඕනෑ. විනය කියන්නේ කෙනෙක් නායකයා කරගෙන එයාට ඕනෑ හැටියට හරි වැරදි ඕනෑම දෙයක් අනුමත කරන එක නොවෙයි. ගල් ගහනවා කිව්ව එක එහෙම විනයානුකූලද? එහෙම කිව්වම පක්ෂයෙන් මොකද කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site