IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තැන තැන කළු කොඩි

ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන අද (8) ඊට විරෝධය දක්වමින් හිනිදුම ඇතුළු ප්‍රදේශ කිහිපයක කළු කොඩි ඔසවා තිබිණි.

මනම්පිට, ගොඩඅමුණ, මත්තක, බංගමුකන්ද ආදී ප්‍රදේශ කිහිපයක හා කතරගම ස්ථාන කිහිපයක මෙසේ කළු කොඩි ඔසවා ඇති අයුරු දක්නට ලැබිණි.

සංවිධාන කිහිපයක එකමුතුවෙන් අද සවස කොළඹදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට යයි.



අදහස් (0)

තැන තැන කළු කොඩි

ආනන්ද දොඩන්ගොඩ Friday, 08 January 2016 09:36 AM

ජනතාවට රජයට සහ ජනාධිපතිට විරුද්ධව විරෝධය පල කිරීම තමා කළු කොඩි දමා සාමකාමිව කරන්නේ (බ)

:       0       0

ජගත් Friday, 08 January 2016 03:33 PM

තව ටික දවසකින් ජනතාවට සුදු කොඩි දාන්නත් වෙයි බලන්නකෝ (අ)

:       0       0

සහන Friday, 08 January 2016 11:23 AM

මම පිට රටක ඉන්න කෙනෙක්. අපිට පේනවා ලංකාව ඉස්සරහට නෙවි පස්සට දැන් ගමන් කරන්නේ. කොළඹ ගිය අවුරුද්දේ හරි ලස්සනට තිබුණා. හැබැයි දැන් කුණු පිරුන මුඩුක්කුවක් වගෙයි . (ස)

:       0       0

පෙරේරා Friday, 08 January 2016 06:17 AM

අද කළු කොඩි දාන්නවත් නිදහස තියනවා . එදා දැම්මනම් කොහොමද? (බ)

:       0       0

බෙන්තර මහේෂ් Friday, 08 January 2016 06:20 AM

පැත්තක් කළු කොඩි දානවා , පැත්තක් සුදු කොඩි දානවා. හැබැයි ජනතාවට ඔය කොඩි දෙවර්ගයම දැන් අවුරුදු හැටගානක් තිස්සේ කොඩිවිනයක්. ඒ හින්දා එන්න අපි රතු කොඩියක් දාමු. (ර)

:       0       0

සේන Friday, 08 January 2016 07:00 AM

කළු කොඩි ඔසවන්නේ බඩු මිල වැඩිවීම නිසාමද ? (ර)

:       0       0

අහස් Friday, 08 January 2016 07:45 AM

ඇත්ත තම‍යි බෙන්තර මහේෂ්, කොහෙද අපේ මිනිස්සු වෙනස් වෙන්න කෑමති නැහැනෙ. 67 වසරක් තිස්සෙ මෙ ලැබිලා තියෙන්නෙ. කි‍යන්නෙ කැපුවත් කොල. කැපුවත් නිල්, කියලා විතරයි. රටට මොනා උනත් කමක් නැ. (ර)

:       0       0

විකී Friday, 08 January 2016 07:50 AM

මම ස්වාධීනව දෙයක් ලියන්නම් .මෙතුමා ජනාධිපති වුනේ හිටපු ජනාධිපතිතුමා නීත්‍යනුකුලව පවත්වපු ජනාධිපති වරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබමින්.ඒක ජන වරමක්. විවිධ අදහස් ඇති දේශ පාලකයින් තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ කරයි. නැතිව රට ගැනවත් ජනතාව ගැනවත් හිතා මෙවැනි දේ කරනවා නොවෙයි (බ)

:       0       0

හෆීල් Friday, 08 January 2016 08:32 AM

කළු කොඩි දාන්න තරම් රටේ ප්‍රශනයක් තියනවද? (ම)

:       0       0

නිරංජන් Saturday, 09 January 2016 05:02 AM

යහපාලනයට වසරක් පිරෙනකොට රට වසර දහයක් ආපස්සට ගිහින්. ඕක තේරුම් ගන්න බැරි අයට රට ගැන මොන හැඟීමක්ද? (නි)

:       0       0

කමනි Friday, 08 January 2016 08:45 AM

මීට කලිනුත් ලංකාවේ ජනාධිපතිවරු මාරු වුනා. පදවි ප්‍රාප්තිත් මීට වඩා උත්කර්ෂවත් විදියට සද්දේ දාලා සැමරුවා. ඒත් පදවි ප්‍රාප්තියකදී කිසිම විපක්ෂයක් කළු කොඩි දැමූ බවක් මකත නැහැ. මේක තනිකරම තමන්ගේ උවමනා එපාකම් ඉටු නොවීම නිසා කරන වැඩක් බව පේනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site