
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ජනක් ද සිල්වා)
සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී දිවි තොරකර ගනිමුයි යෝජනා කරමින් දරුවා කෘරත්වයට පත් කරන පියෙකු ඊයේ(24) රාත්‍රියේදී කරන්දෙණිය අනුරුද්ධගමදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.
දරුවාගේ මව විදේශයක සේවය කරන බව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි. ඇයට පෙන්වීම සඳහා මෙම වීඩියෝව කර ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
විදෙස්ගතව සිටින සිය බිරිය මුදල් එවනුයේ ඇයගේ මවට බවත් සැකකාර සැමියාට මුදල් නොඑවන නිසා සැකකරු මේ වීඩියෝව සිය බිරිදට යවා ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
සැකකරු යැවූ මේ විඩියෝව ඔහු ගේ බිරිය සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර සිය තුන් හැවිරිදි දරුවා බේරා දෙන ලෙස ඉල්ලා සැකකරු සහ ඔහු සමග ඉන්නා කුඩා දරුවාගේ ලිපිනය සදහන් කර තිබේ.
මෙය සමාජ මාධ්‍ය ජාලයේ සැරි සැරීමත් සමග ලැබුණු තොරතුරුවලට අනුව මේ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මේ නොදරුවාට මේ සැකකාර පියා දස වද දෙනබව ප්‍රදේශවාසීන් තොරතුරු ලැබුණ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුන්හැවිරිදි දරුවාට වද දුන් පියා අත්අඩංගුවට