IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙත රෙද්ද සැත්කමට හරස් වෙයි

ශල්‍යාගාරවල භාවිත කරන රෙදි ආදිය නොලැබීම නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් රැසක් අද නැවතුණු බව රෝහල් ආරංචි කියයි.

පසුගිය දෙදිනේ පැවැති වැසි නිසා සේදූ රෙදි වියලී නැති බවත්, කළින් දින නියමව ඈත පළාත්වලින් ආ රෝගීන් අපහසුතාවට පත්වූ බවත් දැනගන්නට ඇත.

හදිසි සැත්කම් පමණක් ගැටළුවකින් තොරව සිදු කළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා පැවසුවේ රෝහලේ සැත්කම් සියල්ල නිසි ආකාරව සිදු කළ බවයි. කිසිදු සැත්කමක් කල් නොදැමූ බවත් පද්මසිරි මහතා කියයි.

අවුරුදු නිවාඩුවට දුර බැහැර ගම්වලට ගිය සේවකයන් කිහිප දෙනකු පැමිණීමේ ප්‍රමාදයක් තිබුණු බවට හා මේ තත්ත්වය හෙට දිනයේ ද පැවැතියහොත් සැත්කම් නැවැත්වීමට සිදුවන බවට ප්‍රචාරයක් ගිය බවත්, මේ වන විට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබා දී ඇති බවත් පද්මසිරි මහතා පවසයි.

 



අදහස් (0)

තෙත රෙද්ද සැත්කමට හරස් වෙයි

ජනක Monday, 28 April 2014 09:49 PM

මේ කතාව ඇත්තම ඇත්ත. අද මගේ දරුවාගේත් සැත්කම කල්දැම්මා ඉහත ප්‍රශ්නය නිසා.මම සැත්කමට දින ගත්තේ ගිය අවුරුද්දේ.එහෙත් අද සැත්කම කළේ නැහැ. මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

ඉන්දික Monday, 28 April 2014 11:58 PM

මගේ අක්කගේ පුතාගේ සැත්කම අදට නියමව තිබුන අතර එය ප්‍රමාදයකින් තොරව සිදු උනා. නන්දන සහ චමල් එක්ක මම එකඟ වෙනවා. ඔය නාස්ති කරන මුදල් වලින් ලංකාවේම රෝහල් වලට රෙදි සෝදන සහ වෙලාන යන්ත්‍ර දෙන්න පුළුවන්.(දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 29 April 2014 01:16 PM

මෙරටේ දැන් ඉන්නේ මොකවත් නැති සහ හැම දෙයක්ම හොඳටම ඇති අයයි . මැද පිරිස (මධ්‍යම පන්තිය) වඳවී ගොස්ය (දී)

:       0       0

හෙල්ත් Tuesday, 29 April 2014 02:06 AM

මේ මොන රෙද්දක්ද? එක එක දේවල් කිය කියා සල්ලි කන රටේ, අපිට ලෙඩ වුනාම දෙන්න රෙද්දක් වත් නැද්ද? (දී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Tuesday, 29 April 2014 03:29 PM

නියම නිදහසට කාරනාව​. "වැස්සනිසා රෙදි වේලිල නෑ....." අර කලින් හිටපු අධ්‍යක්ෂක තුමාගේ කාලෙ, වහින්න නැතිව ඇති. (දී)

:       0       0

සෙන්සා Tuesday, 29 April 2014 07:14 AM

ගමන මෙහෙමම ගියොත්නමි රෙදිත් නැතිව කාට කාටත් යන්න වෙන දවස වැඩි ඈතක නමි නෙවෙි. (ස)

:       0       0

මහේෂ් Monday, 28 April 2014 05:47 PM

මේක සම්පුර්ණ ඇත්ත. අද දින මම පුද්ගලිකව අත්විඳපු දෙයක් මේක. නමුත් වෛද්‍ය රොමේෂ් ගුණසේකර මහතාගේ අංක 14 වාට්ටුවේ වෛද්‍ය ජේ. ගමගේ නියම ජිවක පරපුරක උත්තමයෙක් විදිහට අද දින සේවය කළා. මගේ පුතාගේ තිබු ශල්‍යකර්මයක් වෙනත් දිනයකට කල් නොදමා එතුමන් විසින්ම සිදු කිරීමෙන් එතුමා ඒ බව ඔප්පුකළා. රෝහල් වාට්ටුවේ සිටි හෙදි කාර්ය මණ්ඩලයටත් එතුමාටත් මෙය උපහාරයක් වේවා! (නි)

:       0       0

ජිලෝ Tuesday, 29 April 2014 08:41 AM

මොනවා කරන්නද බැද ගත්ත බෙරේ ගහමු. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 28 April 2014 06:02 PM

ලම්බෝගිනි ගෙන්වන, නයිට් රේස් යන මහජන මුදල් වලින් රෙදි වේලන යන්ත්‍ර කීපයක් රෝහල් වලට ගෙනල්ලා දෙන්න බැරි ඇයි? මහජනයා හොඳටම කලකිරිලා ඉන්නේ. (නි)

:       0       0

චමල් Monday, 28 April 2014 07:18 PM

මේක මහා පුදුම කතාවක්නේ. මිලියන ගණන් වියදම් කර කර නාස්ති කරන රටේ, රුපියල් ලක්ෂ 20ක් විතර වෙන ඩ්‍රයර් එකක් ගන්න බැරිද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 09:42 AM

හැමෝම තම තමන්ගේ ඇඟ බේරගන්න හදනවා. මේ වලින් තැලෙන්නේ පොඩි වෙන්නේ නැති බැරී අපේ රටේ දුප්පත් මිනිස්සුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site