රන් බඩු සාප්පුවක් කොල්ල කෑවේ යැයි පානදුර කෙසෙල්වත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ පුතෙකු පොලිසියට බොරු පැමිණිල්ලක් කර ඇතැයි පානදුර උතුර පොලීසිය කියයි.
පියා සහ පුතු අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නීති පති උපදෙස් පතා ඇත.
රන් බඩු සාප්පුවේ සේවකයෙකු පෙර දින පොලිසියට පැමිණිලි කළේ කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ හිසට පිස්තෝලයක් තබා රුපියල් එක් කෝටි විස්පන් ලක්ෂයක රන් සහ රුපියල් දෙලක්ෂයක මුදලක් පැහැර ගත් බවය.
ඒත් සේවකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඔහු කියා ඇත්තේ ව්‍යාපාරිකයාගේ පුතාගේ බලපෑම මත බොරු පැමිණිල්ල කළ බවයි.
කිහිපදෙනෙකුට ණය වී සිටින බව කියන ව්‍යාපාරිකයා ඔහුගේ මවගේ හා බිරියගේ රන් බඩු උගස් කර ඇති බව සොයාගෙන ඇත.
රන් බඩු සාප්පුවේ කිසිම කොල්ලයක් සිදු වී නැති බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාත්තයි පුතයි අත්අඩංගුවට ගන්න නීති පති උපදෙස් පතයි
සුදා Tuesday, 13 August 2013 07:55 AM
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
දර්ශන Tuesday, 13 August 2013 08:04 AM
මෙවැනි අයට,මතුයම් කිසි දිනක හෝ මෙවැනි දේවල් නොකරන්න දඩුවම් දියයුතුයි (නි)
රකිත් Tuesday, 13 August 2013 08:44 AM
මිට පස්සේ ඇත්තට හොරු පැන්නත් පොලිසිය පැත්ත පළාතේ එන එකක් නැහැ. අර කොටියා ආවා කතාව වගේ. (ස)
උපාලි Tuesday, 13 August 2013 09:12 AM
මම ඉතා ගෞරවයෙන් ඉල්ලනේ මෙවැනි පුද්ගලයන්ගේ නම් ගම්, සාප්පුවල නම ආදිය නීතියේ සීමා තුල වුනත් හැකි තරම් ප්‍රසිද්ධ කරන ලෙසයි. ඒක ලොකු සමාජ සේවයක්. (ස)
රකිත් Tuesday, 13 August 2013 09:17 AM
ඇයි නීතිපති උපදෙස්? (ස)
දයා තෙන්නකෝන් Tuesday, 13 August 2013 09:30 AM
රටට ජනතාවට වංචා කරන මෙවැනි පුද්ගලයින්ට රටටම දැනෙන විදියට දඬුවමක් දිය යුතුයි. (ස)
සරත් Tuesday, 13 August 2013 10:01 AM
මේවගේ සිදුවීමක් ලංකාවේ සිදුවෙලා නැතිව ඇති ඒ නිසාවට පොලිසිය නීතිපති උපදෙස් පතනවා ඇති. (ස)
තිස්ස කුමාර Tuesday, 13 August 2013 10:14 AM
සේරම මෝඩ නැහැ . දක්ෂ පොලිස් නිලදාරීන් ඉන්නවා (ස)
සුමනා Tuesday, 13 August 2013 10:40 AM
ෂුවර් එකටම තොප්පිය දාගත්ත කට්ටිය වෙන්න ඇති. (ස)
චාරු Tuesday, 13 August 2013 11:08 AM
දෙන්නාම,අහු වුනොත් හොදට රිදෙන දඩුවමක් දෙන්න ඕනේ !! ආයේ ජීවිතේටම බොරු නොකියන්න (දී)
සමන් Tuesday, 13 August 2013 11:40 AM
සුමනා තොප්පිය හරිනම් දාගන්න තමයි ඇත්තේ.(දී)