පසුගිය ජනපතිවරණ සමයේ පසුගිය රජය උඩරට වතු කම්කරුවනට බෙදා දීම සඳහා තොණ්ඩමන් පදනමට දුන් රුපියල් තුන් කෝටියක භාණ්ඩ බෙදා හැරීම තහනම් කරමින් හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නිකුත් කළ වාරණය ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුම්ගම් මහතා එම ක්‍රීඩාංගනයෙන් අද (17) පිට වී ගියේය.
උසාවි නියෝගයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි නීති අංශ කියයි.
එම භාණ්ඩ බෙදා හැරීම නවත්වන ලෙස පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිසිය කළින් පැවැත්වූ පරීක්ෂණයෙන් පසුව එම භාණ්ඩ තොන්ඩමන් මහතාට යළි බාර දෙන ලෙස හැටන් මහේස්ත්‍රාත් අයි පී බී ලියනගේ මහතා නියෝග කර තිබිණි.
ඒ අනුව තොන්ඩමන් මහතාට භාර දුන් එම භාණ්ඩ නෝවුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනයේ දී අද (17) බෙදා දෙමින් සිටිය දී පොලිසිය තවත් අධිකරණ නියෝගයක් රැගෙන එහි ආවේය.
තොණ්ඩමන් මහතා එම නියෝගය ප්‍රතික්ෂේප කර ක්‍රීඩාංගනයෙන් පිටව ගියේය.
ඒ වන විට භාණ්ඩ රැසක් බෙදා දී තිබිණි.
එම භාණ්ඩ අතර ශබ්ත විකාශන යන්ත්‍ර, පුටු, සෙවිලි තහඩු, වැඩි කූඩාරම්, ඉවුම් පිහුම් භාජනය විය.
තේවතු 203කට, ගම් 47කට හා තොණ්ඩමන් පදනමේ ප්‍රජා ශක්ති ව්‍යාපෘති 44කට මෙම භාණ්ඩ බෙදා දීමට නියමිතව තිබිණි.
නොබෙදූ භාණ්ඩ රැගෙන යෑම වැළැක්වීම සඳහා ක්‍රීඩාංගනයේ දොරටු වසා දැඩි ආරක්ෂාව යෙදූ පොලිසිය නෝවුඩ් නගරයේ ආරක්ෂාව ද තර කළේය.
පොලිසිය දෙවැනි අධිකරණ නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයට පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ අලුතින් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා භාණ්ඩ බෙදා හැරීම නතර කිරීමේ වාරණයක් නිකුත් කරන ලෙසයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොණ්ඩමන් උසාවි නියෝගය ඉවත දමයි
වාසනා Wednesday, 18 February 2015 06:06 AM
ඉතින් මිනිසුන්ට භාණ්ඩ බෙදාදෙන එක කොච්චර හොඳ වැඩක්ද? (නි)
දිනුක් Tuesday, 17 February 2015 02:39 PM
මේවාටද කියන්නේ ශ්‍රී ලංකාවේ නීතිය කියලා? මෙම පුද්ගලයා සැහෙන වැරදි ප්‍රමාණයක් කර ඇත සාමාන්‍ය මනුස්සයෙක් කළා නම් දැනටමත් හිරබත් කනවා (නි)
ද සිල්වා Wednesday, 18 February 2015 12:57 AM
තොණ්ඩමන්ලාට උසාවි නියෝග වැදගත් නොවේ. හැමදාම දිනන පැත්තට මුක්කු ගැසීම නිසා හැමදාම 'විනින් ටීම්' එකේය (නි)
ප්‍රියමාල් ජයතිලක Tuesday, 17 February 2015 11:02 AM
උසාවියෙන්ම තොන්ඩමන්ට භාර දුන්නු භාන්ඩවලට ඔහු කැමති දෙයක් කරන්න බැරිද. (බ)
දහම් Tuesday, 17 February 2015 11:46 AM
ඔන්න තවත් යහපාලන ප්‍රතිඵලයක්. වෙනසක් ඉල්ලපු අය දැන් බලාගන්නකෝ! (නි)
සත්‍යපාල Tuesday, 17 February 2015 11:47 AM
රටේ මහජනතාවගේ මුදල් තම දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් භාවිතා කිරීමට ඇති නිදහස දැන්වත් නතර කළයුතුය. (නි)