තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයක දී බි‍්‍රතාන්‍ය පුරවැසියකු ඝාතනය කැර ඔහුගේ රුසියා ජාතික පෙම්වතියට තුවාල කළැයි සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකාද සිල්වා මෙනවිය අද නියෝග කළාය.
සැකකරුවන් හෝටලයට පැමිණි වෑන් රථයේ අයිතිකරු වන නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත‍්‍ර නිලධාරී පියදාස වීරකෝන් දසනායක ද ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කැරිණි. ඔහුට ඇප දීම ගැන එදින සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය. ප්‍රාදේශීය සභා සභාපතිට මීළඟ රැස්වීමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයා ඉල්ලා සිටියේය. ඊළඟ නඩු දිනයේ දී එය සලකා බලන බව මහේස්ත‍්‍රාත්වරිය පැවසුවාය.
තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත්, විතාරන්දෙනියේ ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරක්කොඩිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශප‍්‍රිය රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
තංගලූ ප‍්‍රාදේශීය සභාපතිත් යළි රිමාන්ඩ්
රත්න Friday, 06 January 2012 04:47 PM
ඇයි, සභාවට ගිහින් කරපු වීර ක්‍රියාව ගැන දේශනයක් දෙන්නද? ලැජ්ජාවක්, බයක් නැති උනාම ඔහොම තමා. ඒ වගේම අපේ අය, මෙයාලව තමා වැඩිම මනාපෙන් පත්කරගන්නෙත්.
කුමා Friday, 06 January 2012 06:26 PM
මේ වගේ අය ඉන්නකම් මොන ආශ්චර්යක්ද? අද දවසකට ස්ත්‍රි දූෂණ, කීයක් වෙනවද?
කසුන් ලොකුහේවගේ Friday, 06 January 2012 07:10 PM
මේ සම්බන්ධව නිවැරදි දඩුවම් ලබා දෙනු ඇතැයි අප බලා සිටිමු.
රන්ජන් Friday, 06 January 2012 07:16 PM
රජ කාලෙ නමි මේ වගේ වැරදි වලට ඇතුන් ලවා පාගනවා!
ධම්සර Friday, 06 January 2012 07:41 PM
රට විනාශ කරන මේවගේ අය එල්ලුම් ගහට යැවිය යුතුයි..
කරුණාරත්න Saturday, 07 January 2012 01:07 AM
මෙහෙම පුද්ගලයන්ට මනාප දීපු අයට දැන්වත් ඇස් ඇරෙන්න ඕන..
කාන්ස් බෝයි Saturday, 07 January 2012 02:25 AM
එල්ලුම් ගස් යැවිය යුතුයි. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි.
චන්ද්‍රා Saturday, 07 January 2012 07:01 AM
රැස්වීමට යන්න ඕන නම් මෙහෙම වැඩ කළේ ඇයි?
ලොක්කා Saturday, 07 January 2012 10:44 AM
වැරදිකරුවො වෙනුවෙන් පෙනී සිටින එක නරකයි.
සංජීව Saturday, 07 January 2012 11:00 AM
අපේ රටට එන ධන සම්පත් මේ විදිහට වළක්වන අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ.
ජයන්ත Saturday, 07 January 2012 12:42 PM
බය වෙන්න එපා මල්ලි.
roy Tuesday, 10 January 2012 03:37 PM
එල්ලුම් ගස් යැවිය යුතුයි. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුයි.පොටේ වැඩිපුර දාන්න. වැරදිකරුවො වෙනුවෙන් පෙනී සිටින්න එපා කියනන. ලැජ්ජාවක්, බයක් නැති උනාම ඔහොම තමා