IMG-LOGO

තංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(යොහාන් භාසුර)

තංගල්ල පොලිස් වසමේ මොරකැටියආර ප්‍රදේශයේදී අද (5) රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මොරකැටියආර හන්දියේදී අද රාත්‍රී 7.00 ත් 7.30 ත් අතර කාලයේදී මෙම වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වූ බවත් මියගිය පුද්ගලයා රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි අතර තුවාල ලැබූ පුද්ගලයන් තංගල්ල රෝහලට ඇතුළත් කළ බවත් එම නිලධාරියා කීය.

තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බව කී එම උසස් පොලිස් නිලධාරියා ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් හදුනාගැනීම සඳහා පරීක්‍ෂණ ක්‍රියාත්මක බව ද පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් තිදෙනා පෞද්ගලික මෝටර් රථයකින් මොරකැටියආර හන්දියට පැමිණෙනවාත් සමඟම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට වාර්තා වී ඇති බවත් වෙඩි තැබීම සිදුවූ ආකාරය සහ පුද්ගලයන් පිළිබඳව තංගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

තංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

fairoos Monday, 06 June 2022 12:23 PM

ලංකාවත් දැන් මෙක්සිකෝව වගේනෙ. හැමදාම වෙඩි තැබීම්. රට නන්නත්තාරයි මෙහෙන් කන්ඩ නෑ . අනිත් පැත්තෙන් මිනී මරුවො.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 401 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site