IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තංගල්ල නඩුවේ සාක්කිකරුවකුට බොරු සාක්කි චෝදනා

කුරාම් ෂෙයික් අන්තර් ජාතික රතුකුරුස නියෝජිතයා ඝාතනය කිරීමේ හා ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්කිකාර රයන් අකලංක පැමිණිල්ලට අවාසි සහගත සාක්කිකරුවකු සේ සලකා පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත මුදලිගේ මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය.

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව ක්‍රියා කරන බව ද මුදලිගේ මහතා මහාධිකරණයට පැවසීය.

තංගල්ල පොළොන්මරුවේ විතාරණ රයන් අකලංක පොලිසියට, රහස් පොලිසියට හා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් කරුණු මහාධිකරණ සාක්ෂියේ දී පවසතියි නීතීඥවරයා කීවේය.

උසාවි අවසරයෙන් ඔහු සාක්කිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය.

මෙම නඩුවේ සැකකරුවන් වනුයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිසකි.

තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ 2011 දෙසැම්බර 29 වැනි දා ඔහු පවසා ඇත්තේ ප්‍රාදේශීය සභාපති විදානපතිරණ එම ප්‍රහාරයට අයත් කණ්ඩායමේ සිටි බවයි.

එහෙත් මහාධිකරණයේ දී කීවේ වෙනත් කතාවකි.

නත්තල් දා තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ දී තමාට පහර දුන් පිරිස අතර විදානපතිරණ සිටි බව මහේස්ත්‍රාත්වරයාට පවසා ඇති සාක්කිකරු මහාධිකරණයේ දී පැවසුවේ තමාට පහර දුන්නේ කවුදැයි නොදන්නා බවයි.

තමාට පහර දෙද්දී හිස ආරක්ෂා කර ගැනීම සඳහා තමා දෑතින්ම හිස වසාගෙන සිටි බව ඔහු කීවේය.

තමාට පොලුවලින් හා ටී පනස් හය අවියකින් පහර දුන් බව ඔහු කීවේය.

විදේශිකයකු තමා බේරා ගැනීමට උත්සාහ කළ බවත්, තමා මුහුදු පෙදෙසට දුව ගොස් බේරුණු බවත්, ප්‍රහාරකයන් කවුදැයි නොදන්නා බවත් පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අකලංක කීවේය.

තමාට පහර දුන් පිරිස අතර ප්‍රාදේශීය සභාපති සිටින බව දැනගත්තේ තම මිතුරකුගෙන් බව ද ඔහු පැවසීය.

ප්‍රාදේශීය සභාපතිගේ ලේකම් (පස් වැනි සැකකරු) එම් සරත් හෙවත් සහන් තමාගේ මිතුරකු බවත්, සහන් තමාට පහර නුදුන් බවත් සාක්කිකරු කීවේය.

ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ ආර් ද සිල්වා මහත්වරුන් ද සාක්කිකරුගෙන් ප්‍රශ්න කළහ.

වැඩිදුර විභාගය 31 වැනි දාට කල් තැබිණි.

 

 



අදහස් (0)

තංගල්ල නඩුවේ සාක්කිකරුවකුට බොරු සාක්කි චෝදනා

චන්ද්‍රාවතී Monday, 28 April 2014 07:10 PM

මට මතක නෑ කියයිද? (ත)

:       0       0

ප්‍රිය Monday, 28 April 2014 08:04 PM

සාක්ෂි පරස්පරයි කියලා නඩුව වීසිවෙයිද? (නි)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 28 April 2014 07:25 PM

මේ නඩුවේ තීන්දුව ජාත්‍යන්තරයත් බලා ගෙනයි ඉන්නේ.(ත)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Monday, 28 April 2014 09:57 PM

ලංකාවේ නඩු වලට එන සාක්කි කරුවන් මුදල් වලට බොරු සාක්කි දෙන එක ඉස්සර ඉඳන් පැවතෙන දෙයක් . එමෙන්ම නීතීඥවරයාට පුළුවන් හරස් ප්‍රසන වලින් සිදුවූ සැබෑ දෙය බොරු කරන්නත් . (දී)

:       0       0

ලලිත් අපොන්සු Tuesday, 29 April 2014 12:41 PM

ප්‍රමාණවත් සාක්ෂි නාමැති නිසා සියලුෙ දෙනාම නිදහස් ? (දී)

:       0       0

සමාධි Tuesday, 29 April 2014 12:11 PM

වරදක් කළා මුළු ලෝකෙම දන්නවා, තියෙද්දිත් තවත් බලපෑම් කරනවා , ඔහොම කරන්න්නේ කොහොමද (දී)

:       0       0

රංජන Monday, 28 April 2014 11:43 PM

වැරදි දෙකයි (දී)

:       0       0

කුසුම් Tuesday, 29 April 2014 12:49 PM

ටෙනිසන් මහත්මයා, ගොඩක් වටිනවා ඔබේ අදහස. හැබැයි අර ඝාතනය වුණ මනුස්සයා නම් මැරුනේ එක වතාවයි. ඒත් මේ වගේ හෘද සාක්ෂියක් නැතිවුන් දවස ගානේ මැරී මැරී උපදිනවා. කොහෙන් නිදහස් වුණත් තම හෘද සාක්ෂියෙන් නම්, ගැලවීමක් නැහැ. (ස)

:       0       0

විජිත Tuesday, 29 April 2014 01:27 AM

මම මොකුත් කියන්නේ නැහැ මම හරි බයයි (දී)

:       0       0

රාජු රාජු Tuesday, 29 April 2014 01:54 PM

සාක්ෂි පරස්පරයි කියලා නඩුව වීසිවෙයිද? (දී)

:       0       0

රාජු Tuesday, 29 April 2014 01:57 PM

කොහෙන් නිදහස් වුණත් තම හෘද සාක්ෂියෙන් නම්, ගැලවීමක් නැහැ. (දී)

:       0       0

ගුණරත්න Tuesday, 29 April 2014 01:50 AM

මේක සෙල්ලම් ටි56 ක් මෙයාලට විහුළුවක් වත් කරන්න බැ උසාවි යනවනේ. (දී)

:       0       0

රජිව් Tuesday, 29 April 2014 01:16 PM

මම කියන්නේ කොහොම හරි ඉක්මනින් මේ නඩුව විසදන්න කියන එකයි (දී)

:       0       0

චමිලා Tuesday, 29 April 2014 09:36 PM

අපී රටේ ගොඩක් අයට දැන් හෘද සාක්ෂිය කියන එක නැහැ . මොන දෑ කලත් හෙට ලස්සනට පාර බැහැල හිනාවෙලා යනවා ඉස්සරටත් වැඩිය හොදට . (දී)

:       0       0

චන්දිමා Tuesday, 29 April 2014 02:22 AM

මෙයා නිසා ඒ කොල්ල මරුනේ, මේ වගේ අයට මොනවා වෙලත් මදි (දී)

:       0       0

ලලිත් අෙපාන්සු Tuesday, 29 April 2014 01:40 PM

රජිවි ඔයාකියන විදිහට රජිවි ගාන්ධිගේ නඩුවත් තවම විසදිලා නෑ ඉතින් මේ නඩුව විසදයිද (දී)

:       0       0

ටෙනිසන් Tuesday, 29 April 2014 07:55 AM

තමන්ගේ ජීවිතය රැකදීමට ජීවිතය පුජා කල මිනිහට විරුද්දව බොරු සාක්ෂි දෙන මුන්ට දඩුවම් කල යුත්තේ උසාවිය නොවෙයි මේ උගත් සමාජය.රටටම ලැජ්ජාවක්. (ස)

:       0       0

අමිල සිංග Tuesday, 29 April 2014 08:14 AM

ඇත්ත කෙටියෙන් ලියු ටෙනිසන්ට මගේ ප්‍රණාමය. (ස)

:       0       0

සරාම් Tuesday, 29 April 2014 07:37 AM

යුක්තිය සෙවීම කොයි තරම් දුෂ්කරද . නීතිය මීට වඩා සරල විය යුතු නොවේද . (ස)

:       0       0

තුෂාර Tuesday, 29 April 2014 08:06 AM

ඉස්සර කිව්වේ "මට මතක නැහැ" කියලා. දැන් අලුත් ම එක තමයි "මම දැක්කේ නැහැ". (ස)

:       0       0

තුෂාර Tuesday, 29 April 2014 08:08 AM

මිනි මැරුවත් ලංකාවේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කොරන්න ඕනේ. මේ සිංහල අප ගේ රටයි. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 29 April 2014 08:27 AM

නඩුවෙන් සභාපති උතුමෝ නිදහස් වේවි?ඒ ගැන දෙකක් නැහැ. (ස)

:       0       0

සාරද Tuesday, 29 April 2014 08:29 AM

මේ මිනීමැරුම කළේ සෙල්ලම් පිස්තෝලයකින් වෙන්න බැරිද?? "මොකද මට මතක නැහැ ". (ස)

:       0       0

ඇන්ඩෝ Tuesday, 29 April 2014 09:26 AM

ටෙනිසන් කියන කතාවම තමයි මමත් කියන්නේ. (ස)

:       0       0

අවන්ති Tuesday, 29 April 2014 09:29 AM

ජාත්‍යන්තරය හමුවේ ලංකා නාමය විනාශ වෙන වැඩ කරන්න හදන්න එපා (දී)

:       0       0

රනසිරි Tuesday, 29 April 2014 08:54 AM

උසාවියට අපහාස කිරීම නීතියට අපහාස කළා වැනිය එයද බරපතල වරදකි (දී)

:       0       0

සඳුන් Tuesday, 29 April 2014 04:16 PM

ටෙනිසන්, ඔබේ අදහස ඉතා වැදගත්. මට තියෙන ප්‍රශ්නය ඔය උගත් සමාජය කොහෙද තියෙන්නේ. ලංකාවේ එහෙම නොවෙයි නේද? (ස)

:       0       0

ඉස්මිල් Tuesday, 29 April 2014 09:19 AM

චන්දිමා ඔබ හරි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site