IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තාක්ෂණ විෂය ධාරාව එක් වෙයි

2013 වසර සදහා  ශ්‍රී ලංකාවේ පාසල්හි  උසස් පෙළ සිසුන් සදහා  තාක්ෂණ විෂය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලේ දී අද ඇරැඹිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ   ප්‍රධාන උත්සවය  දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න  රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේදී  පැවැත්විණි.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කර තිබිණි.

නව තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව
පද්ධති තාක්ෂණවේදය ලෙස විෂයයන් දෙකකි. ඉන් එක් විෂයක් උසස් පෙළ අධ්‍යයනය සඳහා තෝරා ගැනීමට සිසුන්ට හැකියාව ඇත. තාක්ෂණවේදය සහ විද්‍යාව දෙවන විෂය වන අතර එය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තුන්වැනි විෂය කොටස යටතේ වාණිජ හා කලා විෂය 10ක් ඇතුළත් වන අතර ඉන්එක් විෂයක් තෝරා ගෙන හැදෑරීමට සිසුනට අවස්ථාව හිමි වේ.



අදහස් (0)

තාක්ෂණ විෂය ධාරාව එක් වෙයි

මාටින් Tuesday, 16 July 2013 08:37 AM

ඒකටත් විෂමතාවය (නි)

:       0       0

ප්‍රසාද් Monday, 21 April 2014 07:38 PM

කරුණාකර මට විෂය නිර්දේශය දැනගන්න පුළුවන්ද? (නි)

:       0       0

සුනිල් චන්ද්‍රමන් Monday, 15 July 2013 10:26 PM

1972 නව අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලෙත් මෙම තාක්ෂණ විෂය ධාරාව පටන් ගත්තා. 77 පෙරළියත් එක්කම ඒ අලූත් අපූරු ඉදිරි දැකුම වැලලුනා. එදා ඒ පටන් ගත්ත දේ ඉදිරියට ගෙන යන්න එදා පත්වුනු අලුත් ආණ්ඩුවට පුලුවන් උණා නම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site