(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල්( ණය) ප්‍රමාණය ( සීමාව) කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස) සීමාවේය.
නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) පළවූ බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බවද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය සීමාව කෝටි ලක්ෂයකින් වැඩි කරයි
Lalith Jayasinghe Thursday, 11 May 2023 08:03 PM
ලංකාවේ අච්චු කන්තෝරුවක් දැම්මා නම් ගානක් හොයාගන්න පුළුවන් වෙයි වගේ ?
Nalaka Thursday, 11 May 2023 09:31 PM
අනේ වාසනාවන් ETF EPF සමෘද්ධි ආදීවූ අරමුදල් වලට අබ සරණයි. උම්බෑ උම්බෑ අපි තවත් ඡන්දය දෙමු
අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:01 AM
ණයට ගන්නයි විකුණාගෙන කන්නයි විතරක් දන්න ගොබ්බ ආර්ථික ඔස්තාර්ලා රට හිගමනට වට්ටලා තවත් බලහකාරයෙන් බලය අල්ලාගෙන ඉන්නේ. උන්ගේ හොරකම් වහාගන්නයි රටේ ඉතිරිවෙලා තියෙන දේපොල ටික මංකොල්ල කන්නයි තියෙන උවමනාවට. එකට ඉඩ තියෙන්නේ තව බොහොම ටික කාලයයි කියලා මතක තියා ගනිල්ලා.
බැසිල් Friday, 12 May 2023 07:09 AM
ණය සීමාව ඉහල දැමීමට අදාලව තාක්ෂණිකව සැකසිය යුතු නීති මට්ටම ඉහල දැමීම සිදු උනාද? ණය සීමාව ඉහල දමන විට හොරකම් කිරීමේ හැකියාව ඉහල යන නිසා නීති අණ පනත් වල මට්ටමද ඉහල දා යුතුය .