(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (30) පළවිය.
බහුතර සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ඊට අනුමැතිය පළ කළහ.
විවිධ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මුදල් කාරක සභාව යම් යම් අවස්ථාවලදී උණුසුම් තත්ත්වයක් ගෙන තිබූ බව වාර්තා වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සම්මතයරජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද (30) සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ අනුමැතිය පළවිය.
එම රැස්වීමේ මුල් වටයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
කාරක සභාව බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ දෙවැනි සාකච්ඡා වටය පැවැත්වීය.
මේ අනුව යෝජනා සම්මතය සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව අනුමැතිය දුන්නේය
මේ සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ණය යෝජනාවට මුදල් කමිටුවේ අනුමැතිය