IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි

ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය  තිරසාර මාවතක් කරා  යොමු කළ හැකි බවට "ප්‍රමාණවත් සහතිකයක්" අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.  

කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ශ්‍රී ලංකා රාජ තාන්ත්‍රික කණ්ඩායම සමග ණය ලබාදිය හැකි ආකාරය සහ කොන්දේසි පිළිබඳ ඊයේ (19) සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි මහතා පැවසීය.

ගෙවුම් ශේෂය හිඟය මග හරවා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි තිරසාර මාවතකට හැකි ඉක්මනින් යොමුකිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහයෝගයෙන් වැඩසටහනක් අවශ්‍ය බව මසයිරෝ නොසාකි මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලාංකික ජනතාව අත්විදින දුෂ්කරතා විශේෂයෙන් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි පාර්ශව අත්විඳින දුෂ්කරතා පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව මසයිරෝ නොසාකි මහතා පැවසීය.

විමුක්ති එස් රුද්‍රිගු 



අදහස් (12)

ණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි

pakeer Wednesday, 20 April 2022 02:16 PM

සත පහක් වෙන ණය දෙන්න එපා. ණය දෙනවා නම්... ලංකාව උගසට ගන්න. සින්න වුණොත් මේක යුරෝපයට, අයිති වෙන විදිහට.

:       17       84

sharm warn Wednesday, 20 April 2022 02:24 PM

මූල්‍ය අරමුදල කියන්නේ චීන ආණ්ඩුව වගේ එකක් නෙමෙයි. අහගත්තනේ කන පිරෙන්න. රටේ උන් කියද්දිනේ අහන්න බැරි වුණේ. දැන් එන්නකෝ රෙදිත් නැතිව..

:       6       69

Ajantha Wednesday, 20 April 2022 03:11 PM

මෙයාලාට නම් ණය දෙන්න එපා. ඒ මුදල ඔයාලා තියාගෙන අපේ රටේ අවශ්‍යතාවලට ඔයා වියදම් කරන්න. නැතිනම් ඔය ණයත් හොරා කනවා අපේ කට්ටිය..

:       7       64

dompe putha Wednesday, 20 April 2022 03:12 PM

හොර නායකයින්ට ණය ගන්න බැහැ.

:       7       52

SUNIL MILANO Wednesday, 20 April 2022 03:18 PM

මේ ජෙප්පන්ට, පුතාණෝගේ තාත්තටත් අවශ්‍ය මොනවද කියලා මේ ප්‍රතිචාරවලින් පේනවනේ. මෙයාලට ඕනේ තම මවුබිම තවතවත් අරාජික වෙනවා දකින්න. එලොවටත් නැති, මෙලොවටත් නැති අය...

:       76       21

දර්ශන පෙරේරාWednesday, 20 April 2022 04:26 PM

මේ රටේ තව අමුතුවෙන් අරාජික වෙන්න දෙයක් නෑ. පවුල විසින් මේ රට කාලා, විනාශ කරලා දැම්මා... මේ ආණ්ඩුවට ණය දෙන්න එපා කියන්නේ, ණය අරගෙන ඒකත් හොරකම් කරොත් අපිට තව අවුරුදු 50ක් විතර යයි ඒ ණයත් ගෙවන්න... ආයෙත් ණය එපා.. සොරාගත් මහජන මුදල් නැවත මේ රටට ගේන්න ඕනෑ.

:       2       33

sharm warnWednesday, 20 April 2022 04:40 PM

එතකොට තමුන් කියන හැටියට මූල්‍ය අරමුදලේ ඉන්නෙත් ජෙප්පොද? 

:       2       27

සෙනෙවිරත්න Wednesday, 20 April 2022 03:26 PM

රාජපක්ෂවරු යටතේ ණය දෙන්න එපා... යනයකා කොරහත් බිඳගෙන යන්නේ.., රටේ ආර්ථිකය කර්මාන්ත, නංවන වැඩ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අය බලයට ආපු දාට දෙන දෙයක් දෙන්න...

:       10       56

ajith Wednesday, 20 April 2022 04:17 PM

අප මේ තත්වයට ඇද වැටුනේ මීට පෙර ලබාගත් ණය කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසයි. ඉදිරියේදීත්, අපට අපේ ණය කළමනාකරණය කරගැනීමට හැකියාවක් ඇති බවක් නොපෙනේ... එබැවින්, නැවතත් ණය දීමකදී එම මුදල් වැය කිරීම පිළිබඳව වගවීමට රජයට බලකර සිටිය යුතුයි...

:       0       22

ranjith Wednesday, 20 April 2022 04:56 PM

භාණ්ඩ සහ සේවාවලින් ආධාර කරන්න ලොකු මුදල් දුන්නොත් වෙන වැඩේ ජනතාව දන්නවා.

:       1       23

HBK Wednesday, 20 April 2022 06:02 PM

අනිවාර්යයෙන් IMF යන්න ඕනේ... පිනට කකා රජයේ රස්සා කරන කාලකන්නි අයින් කරන්න ඕනේ... මේකේ කමෙන්ට් කරන වැඩි හරියක් මුණ කැතයි කියලා නහය කපාගන්න ජාතියේ ගොබ්බයින් ඉන්නේ...

:       5       17

chandima Wednesday, 20 April 2022 07:27 PM

ඔය ණය කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ හැමෝම බලන්නේ බලය අරගන්න විදිහක්... චීනෙන්වත් අහලා බැලුවා නම්...

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site